“IMUL-A-0022 TLE” ධීවර යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් දුරින් නිරුපද්‍රිතව සොයාගනී…

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW:

‘අර්නාබ්’ සුළි කුණාටුවට මැදිව අතුරුදහන්ව සිටි කුඩාවැල්ලේ “IMUL-A-0022 TLE” ධීවර යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් දුරින් නිරුපද්‍රිතව සොයාගනී...

මෑතකදී දිවයිනට බලපෑ ‘අර්නාබ්’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මුහුදේදී සන්නිවේදන සබඳතා බිඳ වැටී, අතුරුදහන්ව සිටි “IMUL-A-0022 TLE” දරන ධීවර යාත්‍රාව සහ එහි ගමන් ගත් ධීවර කාර්මිකයින් සිව්දෙනා අද දින පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී නිරුපද්‍රිතව බේරාගැනීමට සමත් වූ බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සතුටින් දන්වා සිටී.

සිව්දින ධීවර කටයුත්තක් අරමුණු කරගනිමින් පසුගිය ඔක්තෝබර් 21 වන දින කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය මෙම යාත්‍රාවේ ඩබ්ලිව්. පී. ප්‍රියන්ත, පී. බී. නිමල්සිරි, එල්. වයි. නෞෂ්ක සහ යාත්‍රා හිමිකරු ද වන කේ. එච්. සවිඳු යන ධීවර මහතුන් ගමන් කර ඇත. අර්නාබ් සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ සුළං සහ රළු මුහුදු තත්ත්වයට හදිසියේ මුහුණ දීම නිසා යාත්‍රාව සහ ගොඩබිම සමඟ තිබූ සියලු සන්නිවේදන සබඳතා ඇනහිට තිබුණි.

යාත්‍රාව පිළිබඳ තොරතුරු නොමැති බවට ධීවර දෙපාර්තමේන්තුවේ සෙවීම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට වාර්තා වූ වහාම, අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම මත ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ එම මුහුදු කලාපයේ ගමන් ගත් අනෙකුත් ධීවර යාත්‍රා ඒකාබද්ධ කරගනිමින් විශේෂ සෙවීමේ මෙහෙයුමක් දියත් කරන ලදී. එම ඒකාබද්ධ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස අද දින පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් පමණ දුරින් වූ සාගර කලාපයේදී අදාළ යාත්‍රාව සොයාගැනීමට හැකි වූ අතර, මේ වන විට යාත්‍රාවේ සිටි සියලුම ධීවරයින් ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරමින් පවතී. ඔවුන් සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, අවශ්‍ය මූලික වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රථමාධාර ලබා දීමට කටයුතු සම්පාදනය කර තිබේ.

මෙම මුදාගැනීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාවටත්, වෙරළාරක්ෂක බලකායටත්, ඒ සඳහා නොමඳ සහයක් දැක්වූ සමස්ත ධීවර ප්‍රජාවටත් අමාත්‍යාංශයේ විශේෂ කෘතවේදීත්වය පළ කර සිටිමු.

ගෝලීය කාලගුණික විපර්යාස සහ මෙවැනි හදිසි සුළි කුණාටු තත්ත්වයන් හේතුවෙන් සාගරයේ ස්වභාවය ක්ෂණිකව වෙනස් විය හැකි බැවින්, ඉදිරියේදී මුහුදු යන සියලුම ධීවර කාර්මිකයින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන දෛනික කාලගුණ අනතුරු ඇඟවීම් නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, සන්නිවේදන උපකරණවල ක්‍රියාකාරීත්වය පිළිබඳව මුහුදු යාමට පෙර මනාව තහවුරු කරගන්නා ලෙසත් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය දැඩිව අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රු. මි. 49.4ක් වටිනා කොකේන් සමඟ දකුණු කොරියානු ජාතිකයෙකු ගුවන්තොටුපළේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී,...

UNP නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුර එච්.එන්.අයි. මනෝජ් කුරේට!

එච්.එන්.අයි. මනෝජ් කුරේ මහතා එක්සත් ජාතික පක්ෂයේ (UNP) නියෝජ්‍ය...

ජේ.ආර්. ජයවර්ධන 30 වැනි ගුණ සැමරුම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හිටපු ජනාධිපති ජේ.ආර්....

හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට...