හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී

නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ හොල්මන්, යක්ෂයන් සහ අමුතු වෙස්මූණු වුණත්, ලෝක ප්‍රකට ජර්මානු නිරූපිකා හයිඩි ක්ලම් (Heidi Klum) නම් හැලොවීන් උත්සවය ගෙන යන්නේ ඊටත් එහා ගිය අපූරු ලෝකයකටයි. දශක දෙකකට වැඩි කාලයක් පුරා සුපිරි තරු අතර පැවැත්වෙන ඇගේ වාර්ෂික හැලොවීන් සාදය ලෝකයේම අවධානය දිනාගන්නා විලාසිතා සංදර්ශනයක් බවට පත්ව තිබෙනවා.

ඇගේ වෙස්මූණු කොතරම් විශේෂද කියනවා නම්, ඇතැම් අවස්ථාවල ඇය සාදයට පැමිණෙන්නේ රෝගීන් ප්‍රවාහනය කරන ඇඳන් මත, අභ්‍යවකාශ යානා තුළ හෝ ජෛව උපද්‍රව සහිත වාහනවලින්. තවත් අවස්ථාවල දුම් වලා අතරින් මතුවන ඇගේ පැමිණීමත් හරියට චිත්‍රපටයක දර්ශනයක් වගෙයි.

1993 වසරේදී ජර්මනියේ සිට ඇමරිකාවට පැමිණි හයිඩි, එතැන් පටන්ම හැලොවීන් උත්සවයට දැඩි ඇල්මක් දැක්වූ බව පවසා තිබෙනවා. 2018 වසරේදී ඇය සඳහන් කර තිබුණේ හැලොවීන් උත්සවයේ අද්භූත හා භයානක ස්වභාවයට තමන් මුල සිටම ආදරය කළ බවත්, ඒ වෙනුවෙන් අතිවිශිෂ්ට සාදයක් පැවැත්වීම තමන්ගේ සිහිනයක් වූ බවත්ය.

ඒ සිහිනය අද වන විට ඇගේ අනන්‍යතාවයේම කොටසක් වී අවසන්. එක් වෙස්මූණක් වෙනුවෙන් පැය සිය ගණනක් කැප කරන ඇය, හිසකෙස් සැකසීම්, රූපලාවණ්‍ය නිර්මාණ සහ විශේෂ කෘත්‍රිම ශරීර කොටස් (Prosthetics) සඳහා ඩොලර් ලක්ෂ ගණනක් වැය කරන බවද සඳහන්.

හැලොවීන් රාත්‍රියට සාමාන්‍ය වෙස්මූණක් දමාගෙන පැමිණීම ඇයට කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. හැම වසරකම ලෝකය මවිත කරවන, මීට පෙර කිසිවෙකුත් නොකළ දෙයක් කිරීමයි ඇගේ අරමුණ.

ඒ නිසාම හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින ලෙස හයිඩි ක්ලම්ගේ නම අදටත් ඉදිරියෙන්ම කියැවෙනවා. ඇයගේ සාදයේදී සැබෑවටම බිය විය යුත්තේ හොල්මන්වලටද, නැත්නම් ඊළඟ වසරේ ඇය මොන වගේ වෙස්මූණකින් පැමිණේවිද යන්නටද කියන එකයි!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“IMUL-A-0022 TLE” ධීවර යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් දුරින් නිරුපද්‍රිතව සොයාගනී…

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ‘අර්නාබ්’ සුළි කුණාටුවට මැදිව...

ජනතාව කැමති වුණත් අකමැති වුණත් රටට අවශ්‍ය දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහබැංකු අධිපති

සටහන - රුවන් නෙළුගොල්ල ජනතාවගේ අකමැත්ත හේතුවෙන් ඇතැම් මූල්‍ය ප්‍රතිපත්ති...

ජර්මනියේ ජීවන වියදම් විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ජර්මනියේ ඉහළ යන...

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...