සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ඇතැම් දුම්රිය ගමන්වාර අද (01) දිනයේ ද අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සේවක හිඟය මෙන්ම ඇතැම් දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම ද මෙම අවලංගු කිරීමට බලපා ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කරයි.
අවලංගු කරන දුම්රිය අතර කාර්යාලයීය දුම්රිය කිහිපයක් ද වන අතර, සේවක හිඟය හේතුවෙන් ඊයේ දිනයේ ද දුම්රිය ගමන් වාර 16 ක් අවලංගු වූ බව වාර්තා විය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??