තැඹිලි වගාවට හොද කලක් උදාවෙන ලකුණු – වැඩි වූ අපනයන ආදායමත් එක්ක ඇමති ගත්ත තීරණය මෙන්න!

Date:

කොළඹ LNW:මෙරට තැඹිළිවලට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ පවතින ඉල්ලුම සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙන අතර 2023 වසරේ මේ වනවිට මෙරට වගා කරන තැඹිලි අපනයනය 117%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (31) පස්වරුවේ පොල් සංවර්ධන මණ්ඩලය,ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන අධිකාරිය යන ආයතනවල නිලධාරින් සමග මෙරට පොල් වගාව සංවර්ධනය සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග හා මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව කරන ලද සාකච්ජාවේදියි මේ බව අනාවරණය වුණේ.

මෙතෙක් වැවිලි බෝගයක් ලෙස වගා නොකළත් මෙරට වගා කර ඇති තැඹිළි සඳහා මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳ පොලේ ඉහල ඉල්ලුමක් පවතින බවයි එහිදී නිලධාරීන් අමාත්‍යවරයාට පෙන්වාදී තිබුණේ.

2022 වසරේ තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඇති අතර ඉන් රුපියල් මිලියන 110ක ආදායමක් උපයා තිබේ.

එමෙන්ම මෙම වසරේ මෙතෙක් අපනයනය කර ඇති තැඹිළි ගෙඩි ප්‍රමාණය මිලියන 14ක් බවත් ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140ක් බවත් සඳහන්.

ඒ අනුව මෙම වසර තුළ අපනයනය කර ඇති තැඹිළි ගෙඩි ප්‍රමාණය 117%කින් ඉහළ ගොස් ඇත.

තැඹිළි වගාවක් වශයෙන් තවමත් අපේ රටේ ප්‍රචලිත වී නොමැති හෙයින් පාංශු පරීක්ෂාවක් සිදු කර තැඹිළි වගාවට උචිත ප්‍රදේශයක් හදුනාගෙන එම ප්‍රදේශය තැඹිළි වගා අපනයන ආදර්ශ ගම්මානයක් ලෙස නම් කර තැඹිළි වගාව ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් ලබන වසර තුළ ආරම්භ කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

දැනට අප රටේ වගාවට සුදුසු තැඹිළි ප්‍රභේදයක් හඳුනාගෙන නොමැති අතර තවමත් වගා කරන්නේ සම්ප්‍රදායික ලෙස වගා කරන ලද තැඹිළි විශේෂය.

නමුත් ඉහළ රසයකින් යුක්ත හා ආකර්ශණීය මෙන්ම කෙටි කළකින් ඵලදරන නව තැඹිළි විශේෂයක් හඳුන්වා දීම සඳහා පර්යේෂණ ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනයට උපදෙස් දී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරි හරි දැන් අපි ගැහුව ඒවට අපිට රිටර්න් හම්බුණා! දැන් ඔය ළමයි ගිහින් නිදාගන්න!

සටහන – පුලීජූනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය විසින් කටාර්...

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකත් ගුවන් අවකාශ වැසේ!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):"එක්සත් අරාබි එමීර්...

Breaking News: කටාර් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  ඉරානය විසින්...

ඊශ්‍රායල-ඉරාන යුධ ගැටුම් මධ්‍යයේ කටාර් ගුවන් කලාපයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවයි!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කටාර් රාජ්‍යය තම...