වන වැස්ම වැඩි කරන්න තවත් බීජ 80,000ක් ගුවනින් පොළවට!

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ වන ඝනත්වය වැඩි කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක ගුවනින් බීජ හෙළීමේ ව්‍යාපෘතියේ 08 වැනි අදියර
ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කර තිබුණි.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුර මුල්කරගනිමින් මෙය සිදුකර තිබුණු අතර අනුරාධපුර කටුගම්පොළ යාගම ලබුගස්දමන රක්ෂිතයේ අක්කර 80ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි බීජ 80,000ක ප්‍රමාණයක් ගුවනින් ඉස තිබුණි.

එලෙස ගුවනින් ඉස තිබුණේ ඇහැළ,මී,කරඳ,මයිල,සියඹලා,කුඹුක්,කෝන්,මදටිය,කොහොඹ ආදී ශාක බීජයි.

මෙම ව්‍යාපෘතිය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශකත්වය යටතේ මාස් හෝල්ඩින්ග් ආයතනයේ අනුග්‍රහයෙන් කටුනායක මූලික ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත ශ්‍රී ලංකා ගුවන් හමුදා කෘෂි ඒකකය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...