වන වැස්ම වැඩි කරන්න තවත් බීජ 80,000ක් ගුවනින් පොළවට!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ වන ඝනත්වය වැඩි කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක ගුවනින් බීජ හෙළීමේ ව්‍යාපෘතියේ 08 වැනි අදියර
ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කර තිබුණි.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුර මුල්කරගනිමින් මෙය සිදුකර තිබුණු අතර අනුරාධපුර කටුගම්පොළ යාගම ලබුගස්දමන රක්ෂිතයේ අක්කර 80ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි බීජ 80,000ක ප්‍රමාණයක් ගුවනින් ඉස තිබුණි.

එලෙස ගුවනින් ඉස තිබුණේ ඇහැළ,මී,කරඳ,මයිල,සියඹලා,කුඹුක්,කෝන්,මදටිය,කොහොඹ ආදී ශාක බීජයි.

මෙම ව්‍යාපෘතිය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශකත්වය යටතේ මාස් හෝල්ඩින්ග් ආයතනයේ අනුග්‍රහයෙන් කටුනායක මූලික ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත ශ්‍රී ලංකා ගුවන් හමුදා කෘෂි ඒකකය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...