*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

2024 එක්සත් ජනපද මැතිවරණය ලෝක නායකයන්ගේ වැඩිම මනාපය කාටද?

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2020 දී පිහිටුවන ලද ඡන්ද ප්‍රකාශ කිරීමේ වාර්තාව අභිබවා යමින් මිලියන 66 කට අධික ජනතාවක් දැනටමත් ඡන්දය ප්‍රකාශ කර ඇති එක්සත් ජනපද ජනාධිපතිවරණය ලෝකයේම අවධානය මේ වන විට දිනාගෙන ඇත.

මෙහිදී රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වීමට වැඩි කැමැත්තකින් පසුවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

සිය අතිජාත මිත්‍රයා ධවල මන්දිරයට තේරී පත් වීම විවිධාකාරයෙන් ඔහුට බලපාන අතර රුසියාවට සම්බන්ධයෙන් සම්බාදක ඉවත් කිරීම හා යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ ප්‍රකශ මේ වෙනුවෙන් හේතු වේ. යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් කිසිදු මුදලක් යුක්රේනයට සිය ආණ්ඩුවක් ලබා නොදෙන බවත්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි යුධ පරාජිතයෙක් බවත්, ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. මිට අමතරව ට්‍රම්ප් නේටෝ සහ යුරෝපීය සංගමය වැනි ආයතන සම්බන්ධයෙන් දක්වන අදහස හේතුවෙන් ට්‍රම්ප්ගේ බලයට පත්වීම පුටින්ට ඉතාම වාස සහගත වනු ඇත.

රුසියාව මෙන්ම, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් යන දෙකම චීනය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ගෙන ඇති අතර චීන ජනන්ධිපති ෂී ජින්පින් ප්‍රසිද්ධියේ අනුමත කිරීමක් කර නොමැති අතර 2018 වසරේදී ට්‍රම්ප් චීනය සමඟ වෙළඳ යුද්ධයක් ඇතිකරගනු ලැබිය. චීන ආනයන සඳහා ඩොලර් බිලියන 250 ක් මත තීරුබදු පැනවීය. ජෝ බයිඩන් බලයට පත්වීමෙන් අනතුරුව ට්‍රම්ප්ගේ බදු පිළිවෙත ක්‍රියාත්මක කළ අතර නව බදු පැනවිය. කමලා හැරිස් බලයට පත්වන්නේ නම් එම ප්‍රතිපත්තියට අනුකූලව රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ නමුත් පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සම්මුඛ සාකච්ජාවකදී ඔහු සඳහන් කර තිබුණේ, චීන ජනාධිපතිවරයා වඩා හොඳ පුද්ගලයකු බවත්, ඔහු තමා සමඟ වඩා හොඳ මිත්‍ර සබන්ධතාවයක් ගොඩනගාගෙන සිටි අතර තමන් බලයට පත් වීමෙන් අනතුරුව එම සම්බන්ධතා නැවත අලුත් වනු ඇති බවත්ය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කිසිදු අපේක්ෂකයෙකු ප්‍රසිද්ධියේ අනුමත කර නොමැති අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් නැඹුරු වනු ඇති බවයි. 2019 වසරෙ ට්‍රම්ප් ඔහු සම්බන්ධයෙන් ඊශ්‍රායල-ඇමරිකානු කවුන්සිලයේදී සඳහන් කර තිබුණේ, යුදෙව් රාජ්‍යයට ඔබේ ජනාධිපතිවරයාට වඩා හොඳ මිතුරෙකු ධවල මන්දිරයේ සිටියේ නොමැති බවයි. කෙසේ නමුත් තමා බලයට පත් වීමෙන් අනතුරුව යුක්රේන යුද්ධය මෙන්ම ගාසා යුද්ධයද නවතා දමන බවට ට්‍රම්ප් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ.

යුරෝපීය සහ නේටෝ නායකයින් බහුතරයක් එක්සත් ජනපද ජනාධිපති ලෙස කමලා හැරිස් වෙනුවෙන් වැඩි කැමැත්තක් දක්වයි. ජර්මනියේ චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් අයව ප්‍රසිද්ධියේම අනුමත කර ඇත. කෙසේ නමුත් ට්‍රම්ප් නෙටෝවට වැඩි කැමැත්තක් නොමැති අතර ඔහු පසුගියදා සඳහන් කර තිබුණේ, නේටෝ සහචරයින්ට පහර දෙන ලෙස රුසියාවට පවසන බවයි.

ඉන්දීය ජනධිපති නරේන්ද්‍ර මොදී පසිද්ධියේ කිසිදු අපේක්ෂකයකු අනුමත කර නොමැති අතර ඔහු වඩා හොඳ සබදතාවක් ඩොනල්ඩ් ට්‍රම්ප් අතරද ජෝ බයිඩන් සමඟද ගොඩනගාගෙන සිටි අතර 2020 ජෝ බයිඩන් ජයග්‍රහණය කිරීමෙන් පසු සුබ පැතු ලෝක නායකයන්ගෙන කෙනෙකි මොදී.

පසුගියදා ජෝ බයිඩන් විසින් රතු පලස් එලමින් මොදී පිළිගෙන වොෂින්ටනයේ ඉහලම පිළිගැනීමක් ලබාදෙනු ලැබිය. මේවන විට ඉන්දියාව හා ඇමරිකාව අතර ගැඹුරු හා දිගුකාලින උපායමාර්ගික හවුල්කරුවෙකු වශයෙන් කටයුතු කරන අතර මේ සම්බන්ධයෙන් වොෂින්ටන් හි අධ්‍යක්ෂ මයිකල් කුගල්මන් සඳහන් කර තිබුණේ, ට්‍රම්ප්ගේ බලයට පත්වීම ඉන්දියාවට හොඳ දෙයක් වනු ඇති බවට නව දිල්ලියේ හැඟීමක් තිබිය හැකි බවත්, මන්ද ට්‍රම්ප් මානව හිමිකම් ප්‍රශ්න ඇතුළු ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු ගැන කලබල නොවනු ඇතැයි අපේක්ෂා කළ හැකි බැවිනි.

ඉන්දු පැසිෆික් කලාපයේ එක්සත් ජනපදයේ ප්‍රධාන මිත්‍රයකු වන දකුණු කොරියාණු නායක යූන් සුක් යෙයෝල සමඟ එක්සත් ජනපද සම්බන්ධතා සමෘද්ධිමත් වී ඇත. වොෂින්ටනය, ටෝකියෝ සහ සෝල් අතර ද්විපාර්ශ්වික සහ ත්‍රෛපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව පවතින අතර දකුණු කොරියාව පව්ටහින සබදතාව දිගටම පවතිනු ඇතැයි යන පදනමෙන් කමලා හැරිස්ට වැඩි කැමැත්තක් දක්වනු ඇතැයි කියවේ.

ජපානයේ Nippon Communications Foundation විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපියකට අනුව ඔහුන් ට්‍රම්ප් බලයට පත් වීමෙන් දෙරට අතර සහයෝගය අඩු වනු ඇති බවයි, තීරුබදු ඉහළයනු ඇති බවත්, මිලිටරි ජපානය මිලිටරි වියදම් වැඩි කරනු ඇතැයි අපේක්ෂා කරන හෙයින් කමලා හැරිස් වෙත වැඩි කැමැත්තක් ඇති බව කියවේ.

ඕස්ට්‍රේලියා අගමැති ඇන්තනි අල්බනිස් කමලා හැරිස් නව ජනාධිපතිවශයෙන් තේරී පත්වනවාට අතිශය කැමති ලෝක නායකයකු වන අතර ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, ට්‍රම්ප් නැවත තේරී පත් වුවහොත් පැරිස් ගිවිසුමෙන් ඉවත් වීමට ඉඩ ඇති බවත්, ට්‍රම්ප් ජයග්‍රහණයක් බොහෝ ප්‍රශ්න මතු කරණු ඇති බවත්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan