“වන සුරැකුම්” නමින් ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW :

“වන සුරැකුම්” නමින් ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයක් හෙට (03)විවෘත කෙරෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා පවසයි. ඒ,ශ්‍රි ලංකාවේ වනාන්තර පද්ධතිවලට සිදුවන හානි සම්බන්ධයෙන් දැනුම්දීමට බව පැවසේ.

අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් , අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

1955 යන ක්ෂණික දුරකතන අංකය ඔස්සේ වනාන්තර පද්ධතියට සිදුවන හානි සම්බන්ධයෙන් වන සුරැකුම් මෙහෙයුම් ඒකකයට දැනුම් දිය හැක. මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. වනාන්තර ගිනි තැබීම්, අනවසර එළි කිරීම්, අලි ඇතුන් ඇතුළු වන ජීවීන්ට සිදුකරන අපරාධ සහ වනාන්තර පද්ධතිවලට සිදුවන ඕනෑම හානියක් සම්බන්ධයෙන් මෙම කෙටි දුරකතන අංකය ඔස්සේ මෙම මෙහෙයුම් මාධ්‍යස්ථානයට දැනුම් දිය හැක.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා , පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා , ආරක්ෂක ලේකම් සහ බුද්ධි අංශ ප්‍රධානීන් සම්බන්ධ වෙමින් හෙට කොළඹ පරිසර අමාත්‍යාංශයේ, වන සංරක්ෂණ අංශයේදී මෙම මධ්‍යස්ථානය විවෘත කෙරේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ,පොලිස් විශේෂ කාර්‍ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයින් සම්බන්ධ කරගනිමින් මෙම ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...