ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි කෝවිලක තෙරපිමකින් 9 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ කසිබුගා හි ශ්‍රී වෙන්කටේෂ්වර ස්වාමි කෝවිලේ ඇතිවූ තෙරපීමක් හේතුවෙන් බැතිමතුන් 9 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

කෝවිල වෙත වෙනම ඇතුල්වීමේ සහ පිටවීමේ ස්ථාන නොතිබි ඇති අතර මියගිය අය අතර කාන්තාවන් අට දෙනෙකු සහ කුඩා පිරිමි ළමයෙකු ඇතුළත් වේ. ප්‍රාදේශීය නිලධාරීන් සහ මාධ්‍යවලට අනුව, එම ස්ථානයේ 25,000 කට ආසන්න පිරිසක් රැස්ව සිට ඇති අතර මෙම කෝවිල රජයේ ලියාපදිංචි කෝවිලක් නොවන බවද කියවේ.

තෙරපීම නිසා මරණයට පත්වූ අය වෙනුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදි සිය ශෝකය ප්‍රකාශ කර තිබු අතර මියගිය අයගේ පවුල්වලට ඉන්දීය රුපියල් 200,000 ක (ඩොලර් 2,260 ක් පමණ) වන්දි ගෙවීමක් සිදු කරන බවත්, තුවාල ලැබූවන්ට රුපියල් 50,000 ක් (ඩොලර් 565) බැගින් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...