*
Friday, September 20, 2024
spot_img

Latest Posts

මානසික සෞඛ්‍යයට සහ මානසික ආතතිය වැළක්වීමට ප්‍රත්‍යක්ෂ ඖෂධය ක්‍රීඩාව – වෛද්‍ය විල්ප්‍රඩ් විජේසිංහ

ගම්පහ නගරය ආසන්නයේ අක්කර නවයක් පුරා පිහිටි විවිධ වූ සමාජ හිතකාමී ක්‍රියාකාරීත්වයන්ගෙන් සපිරි සමාජ ව්‍යාපෘති සන්ධානයක ඉතා වැදගත් අධ්‍යාපනික මෙහෙවරක යෙදෙන ගම්පහ සුමේධ විද්‍යාලය ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියට එක් වන පහසුකම් සහිත වෙඩි පිටියක උරුමක්කාරයන් වෙමින්, නව වෙඩි පිටිය විවෘත කිරීම නොවැම්බර් පළමුවැනි දින සිඳු කළේය.එම අවස්ථාවට එක් වූ එම විද්‍යාලයේ සභාපති වූ වෛද්‍ය විල්ප්‍රඩ් විජේසිංහයන් අධ්‍යාපන කේෂ්ත්‍රය සමබන්ධිත අයෙක් මෙන්ම වෛද්‍යවරයෙක් ලෙස ද,සිය දැක්ම, විවෘත කිරීම අරඹයා පැවති උත්සව සභාවට ඉදිරිපත් කරමින් පැවසුවේ මානසික සෞඛ්‍යයට සහ මානසික ආතතියට ප්‍රත්‍යක්ෂ ඖෂධය ක්‍රීඩාව බවය.

සුමේධ අධ්‍යාපන ආයතනය මේ වන විටත් ක්‍රීඩා 23 ක් ක්‍රියාත්මක අධ්‍යාපන මධ්‍යස්ථානයක් බව පැවසූ සභාපති වෛද්‍ය විජේසිංහයන් මේ වසර නිමවෙන්නට පෙර එය 26 දක්වා ඉහළ යනු ඇතැයි පැවසීය.සෑම ක්‍රීඩාවක්ම ක්‍රියාත්මක බිමක් කිරීම සුමේධයේ අපේක්ෂාව බව පැවසූ සභාපතිවරයා දරුවන්ගේ විවිධ රුචිකත්වයන් අනුව ක්‍රීඩාවන් තෝරා ගැනීමට ඉඩ ලබා දීම යුතුකම බව පැහැදිළි කළේය.ජානමය වශයෙන්,පවුලේ රුචිකත්වයන් අනුව,දරුවාගේ හැකියාවන් අනුව,ශාරිරික තත්ත්වයන් අනුව ක්‍රීඩාවන් තෝරා ගැනීම සිඳු විය හැකි බවත්,ඒ අවස්ථාවන් සඳහා අවශ්‍යය වන ක්‍රීඩාව විද්‍යාලයෙන් ලබා දීම සිය අරමුණ බවත් මෙහිදී ඔහු අවධාරණය කළේය.යම් පාසලක් අපේ තමයි හොකී හොඳම අපේ තමයි රගර් හොඳම කියා එක් ක්‍රීඩාවක් නඩත්තු කිරීමට වඩා දරුවාට සුදුසු වන ක්‍රීඩාව බා ගැනීම සිය අපේක්ෂාව බව ද පැවසූ සභාපතිවරයා ක්‍රීඩාවේ අරමුණ තරගකාරී ජයග්‍රහණයට වඩා යහපත් සෞඛ්‍ය විය යුතු බවත්,ජයග්‍රහණ එන්නේ එම කාරණය පසුපසින් බවත් පෙන්වා දුන්නේය.

එහි සිටි අධ්‍යාපන නිලධාරීන්ගෙන් සහ විද්‍යාල නියෝජනය කරමින් පැමිණි විදුහල්පතිවරුන්ගෙන් ඔහු මේ අධ්‍යාපන ක්‍රමය රටට පලදායී එකක් කරන්න අවශ්‍යමැදිහත්වෙන සේ ඉල්ලා සිටියේය.වෘත්තීය වටිනාකමක් ඇති අධ්‍යාපනයක් දීමට මැදිහත් වෙන සේ මෙන්ම අධ්‍යාපනය වෙනස් කරන්නට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියේය. ඒ සඳහා අධ්‍යාපනයේ ස්වභාවය සහ අරමුණු වෙනස් කරන්නට දායක වෙන සේ ඉල්ලා සිටි වෛද්‍ය විජේසිංහ පරිපූර්ණ අධ්‍යාපනයක්,කායිකව සහ මානසිකව සමාජය ශක්තිමත් කරන්න අත්‍යවශ්‍යය පසුබිම ක්‍රීඩාවෙන් සැකසෙන බව කීවේය. වෛද්‍ය විජේසිංහයන් මේ සඳහා දරුවන් යොමු කරන්න වැඩ පිළිවෙලක් තියෙන්නේ කොතැනද යනුවෙන් ද,එය සිඳු කරන්නේ කවුරුන්ද යනුවෙන් ද ප්‍රශ්න කළේය.

ක්‍රීඩාවේ හිස්තැන නිසා වයස අවුරුදු 30 – 40 වන විට මිනිසුන් අකාලයේ මිය යා හැකි ආකාරයේ රෝගාබාධවල ගොදුරුවන බව ඔහුගේ අදහස විය. දියවැඩියාව,කොලොස්ටරෝල්,අංශ භෘගය,හෘදයාබාධ මෙන්ම ස්ථූලබාවය ද දකින්නට ලැබෙන ප්‍රධාන හේතුව දරුවන්ට අවශ්‍යය ක්‍රීඩා කිරීමේ පරිසරයක නැති වීම බව ඔහුගේ අදහස විය.
කෙනෙක් එක්ක රණ්ඩු නොවී ඉන්න.එකට වැඩ කරන්න පුළුවන් වෙන්න.ටීම් වර්ක් එකකට, සහෝදරත්වය බෙදාගෙන හදාගෙන කනබොන එක පුහුණු වෙන්නේ ක්‍රීඩාවෙන් බව පෙන්වා දුන් සභාපතිවරයා බණ කියලා වැඩක් නැහැ.පරාජය භුක්ති විඳින්න පුළුවන් විදිහට මනස හදන්න දරාගන්න හුරු කරන්න හොඳම පාර ක්‍රීඩාව බව පෙන්වා දුන්නේය.විභාගයක් අසමත් වුණාම ජිවිතය නැති කරන තැනට වැටෙන්නෙ,වරක් අසමත් වුණාම ඒක බැහැ කියලා අත්සාහ නොකර අත හැර දැමිමේ උදාසීනකම එන්නෙ ක්‍රීඩාව ජිවිතයට සමීප නොවීම නිසා බව පැවසූ වෛද්‍ය විජේසිංහ මානසික සුවය ඇති කිරීමට මානසික ආතතිය නැති කිරීමට හොඳම ප්‍රත්‍යක්ෂ ඖෂධය ක්‍රීඩාව බව යළි යළිත් අවධාරනය කළේය.

මෙම වෙඩි පිටියේ ක්‍රියාකාරකම් මෙන්ම විද්‍යාලයේ වෙඩි තැබීමේ කණ්ඩායමේ පුහුණු අධීක්ෂණය ද පැවරී ඇත්තේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ගාමිණි වල්ගමට ය.ඔහු එම කාර්යයට කෙතරම් සංවේදීව ආසක්තව ඇද්ද යන්න බව පැහැදිළි කරමින් එම ආරම්භක අවස්ථාවේ වචන පැටලෙන හැඩුම් මතුවන තත්ත්වයට පත් විය.මේ මොහොතේ පොලීසිය නිසා හඬන සිඳුවීම් වාර්තාවන පසුබිමක ක්‍රීඩාවක් වෙනුවෙන් පොලිස් නිලධාරියෙක් හැඟුම්බර සේ හැඩුම්බරවීම අපූරු අවස්ථාවක් විය.එසේම මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තිය වූ බස්නාහිර පළාත් ශාරිරික අධ්‍යාපන සහ ක්‍රීඩා අධ්‍යක්ෂිකා ධම්මිකා කුලතුංග ඇතුළු ආරාධිතයන් මෙම උත්සව සභාව හමුවේ අදහස් දක්වන්නට එක් විය.

මෙම අවස්ථාවට ජාතික සහ පාසල් වෙඩි තැබීම් සංගම් නියෝජනය කරමින් ද,අධ්‍යාපන කේෂ්ත්‍රයේ ක්‍රීඩා අංශ නියෝජනය කරමින් ද අසල්වැසි පාසල් නියෝජනය කරමින් එහි විදුහල්පතිවරුන් සහ ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පිරිස් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.වෙඩි පිටිය විවෘත කරමින් ආනන්ද බාලිකා විද්‍යාලය,සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය,සිරිමාවෝ බාලිකා විද්‍යාලය,වැනි පාසල් ගණනාවක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙන්ම සුමේධ විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද මෙම විවෘත කිරිමේ අවස්ථාවේදී ප්‍රදර්ශණාත්මක වෙඩි තැබීමක් දියත් කළෝය.

මෙම අවස්ථාවට එක්ව සිටි වෙඩි තැබීම සහ ගොල්ෆ් යන ක්‍රීඩා ද්විත්වයෙන්ම ජාතික නියෝජනයට අවශ්‍යය ජාත්‍යන්තර සුදුසුකම් සපිරි,ශ්‍රී ලංකාව වෙනුවෙන් අවශ්‍යය පරිසාධන මට්ටමට පිවිස වෙඩි තැබීමේ ඉසව්ව වෙනුවෙන් ඔලිම්පික් නියෝජනය කළ ෂාල් චිට්ටි මේ වෙඩි පිටිය සම්බන්ධයෙන් අප කළ අදහස් විමසීමකදී පැවසුවේ ඔහු මෙන්ම මෙම අවස්ථාවට දායක වූ ගාමිණි වල්ගම ද වසර 25 ට පමණ පෙර ක්‍රීඩකයින් සේ සිටිය අවධියේ ද මෙවැනි දෙයක් සම්බන්ධයෙන් සිහින දුටු බවය.ජාත්‍යන්තර මට්ටමෙන් බොහෝ රටවල් නියෝජනය කරන ක්‍රීඩා අතරේ ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබූ ක්‍රීඩාවක් සේ කැපී පෙනෙන වෙඩි තැබීමේ ක්‍රීඩාව පසුබෑමෙන් නැවත උපද්දවා ඉදිරියට ගැනීමට මෙවැනි යටිතල පහසුකම් වැදගත් බව පෙන්වා දුන්න ෂාල් චිට්ටි මෙම වෙඩි පිටිය ජාතික අවශ්‍යයතාවයක් බව පැවසුවා.එයට තමන්ට හැකි පරිදි සිය දැණුමෙන් සහය වන බව ද ඔහු පෙන්වා දුන්නා.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan