මර්දනය නවතනු, ත්‍රස්ත පනත හකුලා ගනු ! විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු පක්ෂ නායකයින් ප්‍රමුඛ මහා ජන රැලිය !

Date:

මර්දනය නවතනු, ත්‍රස්ත පනත හකුලා ගනු යන තේමාවන් මුල් කරගෙන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධානය ඒකාබද්ධව සංවිධානය කල පාගමනක් අද(02) සවස කොළඹ මරදාන එල්පින්සන් රඟහල අසලින් ආරම්භ කෙරුණි.

මෙම විරෝධතා පාගමන මරදානෙ න් ආරම්භ කොට කොටුව දුම්රියපොල ඉදිරිපිට දී විරෝධතා රැලියක් පැවැවීමට නියමිතව තිබුණි.

විරෝධතා පාගමන මරදානෙ න් ආරම්භ කොට මරදාන ටෙක්නිකල් හන්දිය පසුකොට ගමන් කල අතර පොලීසිය විසින් දුම්රිය මූලස්ථානය අසල දී විශාලපොලිස් බලෑනියක් යොදවා නතර කෙරුණි.

කෙසේ වෙතත් රැලිය එම ස්තානයේදී පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කල ත් විරෝධතාකරුවන්ගේ විරෝධය හමුවේ එය නවතා දැමුනි.
විරෝධතාකරුවන් පැවසූයේ තමන් පැමිණියේ කොටුව දුම්රිය ස්තානය දක්වා ගමන් කිරීමට බවත් මෙම ස්තානයේ රැලියක් පැවැත්වීම අනවශ්‍ය බවත් කෙසේහෝ එම ස්තානයට යායුතු බවත්ය.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ඇතුලු අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින් ඇතුලුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක්ද වෘත්තීය සමිති නායකයින් බහුජන සංවිධාන නියෝජිතයින් ඇතුලු විශාල ජනතාවක් සහභාගි වී සිටි අතර මෙම ඒකාබද්ධ විරෝධතා පාගමන සහ රැලිය දේශපාලන පක්ෂ 20ක් ද වෘත්තීය සමිති බහුජන සංවිධාන 150 ක් පමණ ද ඒකාබද්ධ ව සංවිධානය කොට තිබුණි.

සියලුම ඡායාරූප නරඹන්න! පහත link එකට පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...