400කට වැඩි ප්‍රමාණයක් ගාසා තීරයෙන් පිටව යයි

Date:

සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සති තුනකට වඩා වැඩිකාලයක් යුද්ධයෙන් බැට කෑ ගාසා තීරයේ සිවිල් වැසියන්ට ඊජිප්තුවට වැටී ඇති රෆා හරස් මාර්ගය විවෘත වීමත් සමඟ 400 කට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අතරට විදේශ ගමන් බලපත්‍ර හිමියන් 335 දෙනෙකු සහ තුවාල ලැබූ ගාසා ජාතිකයින් 76 දෙනෙකු ඇතුලත් වූ බව පලස්තීන බලධාරීහු තහවුරු කර තිබේ.

මේ වන විට පලස්තීනයේ දුරකථන හා අන්තර්ජාල සේවාවන් බිද දමා ඇති අතර ඉන්ධන හිඟය හේතුවෙන් රෝහල් විශාල ප්‍රමාණයක කටයුතු අඩාල වී ඇති අතර බොහෝ රෝහල් වසා දමා තිබේ.

පුද්ගලයන් 239 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගොස් පුද්ගලයන් 1,400 ක් ඝාතනය කළ ඔක්තෝබර් 7වන දා දියත් වූ හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල ප්‍රති ප්‍රහාර හේතුවෙන් මේවන විට පලස්තීනයේ 8,700කට අධික පිරිසක් මියගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (13)කාලගුණය – තැනින් තැන වැසි

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : අද (14)දින...

පාස්පෝට් ගන්න අද (13) එන්න එපා – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW: අද (13) දින ...

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...