*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඩෙංගු මරණ 32ක්! රෝගීන් 70,000ක් ! බස්නාහිරට අවධානම වැඩියි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, වසරේ ගත වූ මාස කිහිපය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 70,000කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවත්, මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට නොවැම්බර් පළමු වැනිදා දක්වා කාලය තුළ, මෙරටින් ඩෙංගු රෝගීන් 68,497 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

ඉන් වැඩි දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 32,862ක් ලෙස සඳහන්ය.

ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,475 දෙනෙකු වාර්තා වීඇති අතර, මධ්‍යම පළතෙන් ඩෙංගු රෝගීන් 7,878 දෙනෙක් ද වයඹ පළාතෙන් 5,671 දෙනෙකු සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,651 දෙනෙකු වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු මරණ 32ක් ද වාර්තා වී ඇති බවද ඔවුන් පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan