*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ආර්ථිකය ගොඩදාන්න දියුණුම තාක්ෂණය ගන්නේ කොහොමද? අනුර ඇමරිකාවේදී සොයා බලයි

කොළඹ LNW: ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සිය ඇමෙරිකානු සංචාරය අතරතුරදි ලෝකයේ විශාලතම වෛද්‍ය හා පර්යේෂණ ආයතනය වන ටෙක්සාස් වෛද්‍ය විද්‍යාලය (Texas Medical Center) තුළ සංචාරයක නිරතව තිබේ.

එහිදී එම ආයතනයේ සේවය කරන මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාද හමුව ඇත.

උඩුගමසූරිය මහතා සමඟ දිසානායක මහතා සුහද සාකච්ජාවක් පවත්වා තිබෙන අතර එය කේන්ද්‍ර වී ඇත්තේ රටේ ආර්ථිකය සවිබල ගැන්වීම සම්බන්ධයෙනි.

ඒ අනුව පර්යේෂණ තුළින් අගය එකතු කළ භාණ්ඩ හා සේවාවන් නිපදවීම හරහා රටේ ස්ථාවර ආර්ථිකයක් සාදා ගැනීම පිළිබඳව අවධානයට ලක්ව ඇත.

ලෝකයෙ දියුණුම තාක්ෂණය ලංකාවේ ආර්ථිකයට දායක කරගැනීම, ලංකාවේ ස්ථාපනය කිරීම හා ඒ හරහා ආර්ථිකය ස්ථාවර කිරීම කරන්නෙ කෙසේද යන්න පිළිබඳව ද එහිදී වැඩිදුරටත් සාකච්ජා තිබේ.

මේ අවස්ථාවට සෑම් හුස්ටන් විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික මහාචාර්ය ආනන්ද මානගේ හා ජාතික ජන බලවේගයෙ ටෙකසාස් කමිටු ක්‍රියාකාරී සාමාජිකයින් කිහිපදෙනෙක්ද එක්ව ඇත.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan