කෘෂි ආර්ථිකය නංවන්න තවත් වැඩක්!

Date:

කොළඹ LNW:ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යටතේ ක්‍රියාත්මක බිත්තර වී ගොවිපල 200ක් පිහිටුවීමේ වැඩසටහන යටතේ මහවැලි එච් කලාපයේ ගොවීන් 200ක් සඳහා පැරෂුට් තැටි ප්‍රදානය කිරීම වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ගල්නෑව කොට්ඨාස කළමනාකරණ කාර්යාලයේ දී සිදුකෙරුණි.

මෙහිදී එක් ගොවි ගෙවිලියක සඳහා රු.88,000.00ක වටිනාකමකින් යුත් පැරෂුට් තැටි 800 බැගින් ප්‍රදානය කරන ලද අතර එහි මුළු වටිනාකම රු.මිලියන 18කට ආසන්න ය.

ආහාර නිෂ්පාදනය ශක්තිමත් කිරීම තුළින් ආහාර බෝග ආනයනය හැකිතාක් සීමා කළහැකිවනවා සේම, ශ්‍රී ලංකාවෙන් ඉවතට ගලායන විදේශ විනිමය ඉතිරි කරගැනීම තුළින් රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීමට යම් දායකත්වයක් ලබාදිය හැකි බැවින් සුදුසු සෑම බිම් අඟලක්ම වගාවට යොදා ගැනීම කෙරෙහි සැමගේ අවධානය යොමුවිය යුතු කාලය එළඹ ඇති බවයි රණසිංහ අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබුණේ.

1970න් පසු රටේ පැවති සමාජ ආර්ථික හා දේශපාලන වැරදි උකහා ගැනීම් හා අවිධිමත් තීන්දු තීරණ මත හිඳිමින් කටයුතු කිරීම හේතුවෙන් රටේ පැවති කෘෂිකාර්මික හා නිෂ්පාදන ආර්ථික ක්‍රමවේදයන් බිඳ වැටුණු අතර ණය ආධාර මත කටයුතු කිරීම නිසා හෙළරජ සමයේ මහා ධාන්‍යාගාරය අභාග්‍ය සම්පන්න තැනකට ඇද වැටුණු බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබුණි.

කෙසේවෙතත් යළිත් රට සෞභාග්‍යය කරා රැගෙන යන්නට සාම්ප්‍රදායෙන් ඔබ්බට සුහුරු කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමුකරවන ලෙසයි ඔහු එහිදී ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...