සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): දෙසැම්බර් මාසයේ සිට රුසියාවෙන් හා චීනයෙන් සංචාරකයින් උදෙසා අමතර මගී ප්රවාහන ගුවන් යානා යෙදවීම සඳහා සාකච්ඡා කරමින් පවතින බව ,සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්රියන්ත ප්රනාන්දු මහතා පවසයි.
මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් දෙසැම්බර් මාසයේ සිට ගුවන් ගමන් ආරම්භ කළ හැකි බවද ඔහු කියා සිටියේය.
සභාපතිවරයා එහිදී තවදුරටත් කියා සිටියේ, සතියකට චීනයෙන් ගුවන් යානා වාර 2ක් හා රුසියාවෙන් සතියකට ගුවන් යානා වාර 5ක් මත්තලට ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??