විරෙන්ට අනපේක්ෂිත පරාජයක්,හේතුව අවිවේකී තරග කිරීම් විය හැකි ද?

0
130

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ ( LNW ): ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමවල පිරිමි කේවල ඉසව්වේ 74 වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ විරෙන් නෙත්තසිංහ අද දවසේ ඉන්දීය ක්‍රීඩක අභිෂේක් සයිනි අතින් අනපේක්ෂිත පරාජයකට මුහුණ දුන්නේය.ඒ මේ වන විට ඉන්දියාවේ ක්‍රියාත්මක ඉන්දියාවේ රායිපුර් හී දී ක්‍රියාත්මක චට්ටිස්ගාර් ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේදී ය.තරගාවලියට ඉදිරිපත් වී තිබූ ක්‍රීඩකයින් අතරින් අංක එකේ ක්‍රීඩකයා හැටියට ශ්‍රේණිගතව තිබූ විරේන් සිය පළමු තරගය ඉන්දියාවේ සිද්ධාන්ට සලාර් පරාජය කරමින් ජය ගත්තේ ලකුණු 21 – 8 ක් සහ 21 – 11 ලෙසය.

විරේන් සිය දෙවන තරගයේදී හමු වූවේ අංක 414 ට ශ්‍රේණිගතව සිටින අභිෂේක් සයිනි ය.ඔහු අංක 74 සිටි විරෙන් අභිබවා යමින් ලකුණු 21 – 5 සහ 21 – 9 ක් ලෙස පහසුවෙන් ජය ගත්තේය.එම ප්‍රතිපලයට සමහර විට විරේන් තරගයේ දි යම් අපහසුතාවයකින් තරග කළේ දැයි සැක සිතෙන තරම්ය.එහෙත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත සදහනක් දැන ගැනීමට අපහසු අතර කෙසේ වුව ත් අභිෂේක් ද මේ දක්වා තරග කර ඇති තරගවලදී හොඳ දස්කම් දක්වා ඇති ක්‍රිඩකයෙක් බව ඉතිහාසය නිරීක්ෂණය කිරීමේදි හදුනාගැනීම අපහසු නැත.

විරේන්ගේ පුහුණුකරු වන ඉන්දුනීසියානු ජාතික ටෝනි වාහුයිදි ඉකුත් සතියේ වර්ථමානයේ ඉන්දීය ජාතික සූරතාවය දිනා සිටින තරුන් මාන්නප්පිල්ලි පවා පරාජය කළ විරේන්ගේ මේ පසු බැස්මට හේතුව දීර්ඝ ලෙස තරගවල එක දිගට නියැලීම විය හැකි බවට අනුමාන කරයි.ඒ නිසාම ඔහුගේ මනස මේ තරගය සඳහා නිසියාකාරයෙන් යොමු නොවන්නට ඇති බව විශ්වාස කරන හිටපු ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු මෙන්ම් පිළිගත් ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවෙක් වන ටෝනි පෙන්වා දී ඇත්තේ විසි හැවිරිදි දිගු අනාගතයක් ඇති විරේන්ට විවේකයක් ලබා දීමට කල්පනා කිරිම වැදගත් බවයි.විරේන්ගේ ඉදිරි ගමනට ඔහුගේ ශරීරය දක්වන ප්‍රතිචාරයන් තරමටම ඒ සඳහා අවශ්‍යය මානසික ඒකාග්‍රතාවයද ජයග්‍රහණයට අතිශයින් වැදගත් වනු ඇත.
ඒ අනුව විවේකය මෙන්ම මානසික විශ්වාසයට අවශ්‍යය පසුබිම වෙනුවෙන් ද යම් ක්‍රියාමාර්ග ගැනීම මේ විසි හැවිරිදි ක්‍රිඩකයාගෙන් රටේ බැඩිමින්ටන් ක්‍රීඩාවෙන් ඉහළ ප්‍රතිපල ලබා ගැනීමට වැදගත් වනු ඇත.

මහා බැඩ්මින්ටන් සංස්කෘතියක් ඇති පොළවක ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වන්නට ඉන්දීය ක්‍රිඩකයන්ට අවස්ථාව ලබා ගැනීමට සහ දක්ෂයන් හඳුනා ගන්නට මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබා දීමට ඉන්දියාව තරගාවලි සංවිධානය කරන අතර අභිෂේක් ගේ මෙම ජය,ඉන්දීය බැඩිමින්ටන් පරිපාලනය එම අරමුණ සපල කර ගැනීමක්ය.
ඊට අමතරව මේ තරගාවලියේ අවසාන ක්‍රිඩකයින් හැට හතර වෙත සුදුසුකම් ලැබෟමේ තරගාවලියකින් ක්‍රීඩකයන් 16 ට ඇතුළත් වීමට අවස්ථාව ලැබෙන අතර එහිදී තරග කළ ශ්‍රී ලංකාවේ මධුක දුලාංජනට අත් වූයේ පරාජය ය.