ඊශ්‍රයලයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඉරානයේ උත්තරීතර නායකයා අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය සතියේ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාර වලට දැඩි ක්‍රියාමාර්ගයක් ගනු ලබන බවට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් එක්සත් ජනපදයට හා ඉරානයට අනතුරු අඟවා ඇති බව ඉරානයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ(02)දිනයේදී 1979දී ටෙහෙරානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය දැඩි මතධාරී සිසුන් විසින් අත්පත් කර ගැනීමේ සංවත්සරයට සම්බන්ධව සිසුන් අමතමින් අලි කමෙනි මේ බව ප්‍රකාශ කර තිබු අතර ඔහු වැඩිදුරටත් මෙහිදී සඳහන් කර තිබුණේ, අද පවතින ටෙහෙරානය සහ වොෂින්ටනය අතර දශක ගණනාවක් තිස්සේ සතුරුකම් පවතින බවයි.

ඊශ්‍රායලය විසින් මෑත මාසවලදී හිස්බුල්ලා, හමාස් සහ ඉරාන හමුදා නායකයින් මරා දැමීමට ප්‍රතිචාර වශයෙන් ඔක්තෝබර් 26වන දා ඉරානය විසින් බැලස්ටික් මිසයිල 200කට අධික සංඛ්‍යාවකින් ඊශ්‍රායලයට පහර දුන් අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රයලය ඉරානයේ හමුදා කඳවුරු 20කට පමණ ප්‍රහාර එල්ල කළේය.

අවස්ථාවට සම්බන්ධ වූ සිසුන් ‘අපේ නහරවල ඇති ලේ අපේ නායකයාට තෑග්ගක්!’ වශයෙන් සඳහන් කරමින් අලි කමෙනි පිළිගනු ලැබූ අතර ඔහුන් සියලු දෙනාම ඊශ්‍රයලයට දක්වාම ප්‍රතිචාරය සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශ කර තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධනවාදී හොඳ ගැහැණියට වඩා සමාජවාදී නරක ගැහැණිය හොඳ ද? “විකඩ්” තුළින් දිගහැරෙන සමාජ යතාර්ථය

සටහන – පුලී ජනවාරි 25, කොළඹ (LNW): Wicked සරල නාට්‍යමය ප්‍රතිවෘත්තියක් ලෙස...

ඉන්දුනීසියාවේ නායයාමකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට: 80ක් අතුරුදහන්!

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ බටහිර...

ග්‍රීන්ලන්තයේ විදුලිය ඇනහිටීමක් සහ තද සුළං….

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...