බස් අනතුරින් මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ (LNW):

පෙරේදා (01) දින බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගස්ඔය ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරින් මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (03)  සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

කුරුණෑගල සහ නිවිතිගල පිහිටි ඔවුන්ගේ නිවෙස් වලදී එම අවසන් කටයුතු සිදුකෙරෙනු ඇත .

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහයෙන් අවසන් කටයුතු සිදු කෙරෙන බව සඳහන් වේ.

තවද, බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙකු බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති අතර ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සිසුන් සංඛ්‍යාව, 8 ක් බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-රුසියානු රහස් හමුව සහ මැදපෙරදිග යුද්ධයේ ඉදිරි අනාගතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය...

පිළිකා රෝගී විකිරණ ප්‍රතිකාර සේවා කඩිනම් හා කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර...