ඊශ්‍රායල ගුවන් ප්‍රහාර දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිනවා – යුනිසෙෆ්

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජබාලියා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ගාසා තීරයේ පසුගිය පැය 48 තුලදී එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් කුඩා දරුවන් 50 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජගත් සංවිධානය නිවේදනය කර සිටී.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකින බව ජගත් සංවිධානයට අයත් යුනිසෙෆ් නියෝජිතායතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජගත් සංවිධානය නිවේදනය කරන්නේ . ඊශ්‍රායල ආරක්ෂක අංශ ඊයේ දිනයේදී ගාසා නගරයේ පෝලියෝ එන්නත් ලබා දෙන ස්ථානයකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

මෙලෙස දිගින් දිගටම කුඩා දරුවන් ද ඝාතනය කිරීම ඊශ්‍රායලයේ ම්ලේඡත්වය මනාව පෙන්නුම් කරන බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ලෙබනන් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ලෙබනනයේ උතුරු ප්‍රදේශයෙන් සාමාන්‍ය වැසියන් පිරිසක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට විරුද්ධව විශේෂ විමර්ශනයක් සිදුකළ යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...