නයිජීරියාවේ ජිවන අර්බුදයට එරෙහිව විරෝධතා දැක්වූ බාලවයස්කරුවන් 29 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නයිජීරියාවේ වාර්තාගත ජීවන වියදම් අර්බුදයට එරෙහිව විරෝධතාවයකට සහභාගී වීම හේතුවෙන් බාලවයස්කරුවන් 29 දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ.

විරෝධතාවයට සම්බන්ධ වූ 76 දෙනෙකුට රාජද්‍රෝහීත්වය, දේපළ විනාශ කිරීම, මහජන කැළඹීම් සහ කැරැල්ල ඇතුළු අපරාධ 10 ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර මෙම පිරිස වයස අවුරුදු 14 සිට 17 දක්වා වයස්වල පසුවන්නන් වේ.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් පුද්ගලික නීතීඥයෙකු වන Akintayo Balogun මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, ළමා අයිතිවාසිකම් පනත මගින් කිසිදු දරුවෙකුට අපරාධ නඩු පැවරීමට සහ මරණ දඬුවම නියම කිරීමට ඉඩ නොදෙන බවයි.

නයිජීරියාවේ මරණ දඬුවම 1970 ගණන්වල හඳුන්වා දුන් නමුත් 2016 සිට රට තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වී නොමැත.

නයිජීරියාවේ මිලියන 210 කට අධික ජනගහනයක් වෙසෙන අතර නයිජීරියාව ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි. නයිජීරියාව අප්‍රිකාවේ ඉහළම බොරතෙල් නිෂ්පාදකයෙකු වුවද උද්ධමන අනුපාතිකය ද වසර 28 ක ඉහළ මට්ටමක පවතින අතර දේශීය නයිරා මුදල ඩොලරයට සාපේක්ෂව වාර්තාගත අඩු මට්ටමක පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...