අපි නම් ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව – ඇමති TB

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට නම් මන්ත්‍රී ආරක්ෂාවක් ලබාගැනීමට වුවමනාවක් නොමැති බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“මනෝ වෛද්‍යවරුන්ගේ දේශන ගම්වලට ඕනෙ දැන්. සම්පූර්ණයෙන් මේ ගම කණපිට හරවලා වෙනස් කරනවා. මේ සමාජයේ අවුරුදු තුනක් හතරක් ගියාම තමන්ගෙ වර්ගයා බෝ කරන්න බැරි දරුවෙක් හැදෙන තැනට විෂ මත්ද්‍රව්‍ය අපේ රටට ගෙනාවා. කවුද ගෙනාවේ ? දේශපාලනඥයෝ නෙවෙයිද ? ඔත්තු දෙන්න තියෙනවා නම්, වෙන කාටවත් දෙන එක සැකයි නම් කෙළින්ම මට දෙන්න. දැන් ඊයෙ එක්කෙනෙක් කියනවා ගෙදර ගියාම දරුවන්ට, වයිෆ්ට ආරක්ෂාව නෑ ලු. ඉතින් එහෙම පිස්තෝල දෙන්න ගියොත් වයිෆ්ට එකයි, දරුවට එකයි, දරුවා ඉස්කෝලෙ යන්න එකයි … මිනිහා මොනවා කරයිද දන්නෑනෙ ඉස්කෝලෙ පිස්තෝලෙ අරන් ගිහිල්ලා. අපිට නම් අපි ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව. ගහලා මරන්න හරි, වෙඩි තියලා මරන්න හරි වුවමනාවක් මේ රටේ ජනතාවට නෑ. මොකටද අපිට ගහන්නෙ ?”

ටී. බී. සරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පොලොන්නරුව දියබෙදුම, කටුකෙලියාව, නෑහින්න ප්‍රදේශයේදී පැවති අපනයන කෘෂි මහිම පොලොන්නරුව දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන්න ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...