2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

Date:

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී සිදුකළ යුතු වෙනවා. ඒ අනුව මේ දිනවල රටේ ආර්ථිකය සම්බන්ධ කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබෙන අතර විශේෂයෙන් 2022 ආර්ථික බංකොලොත්භාවයෙන් පසු මේ වන විට යම් ස්ථාවරයක් අත්පත් කරගනිමින් සිටියද තවදුරටත් ආර්ථිකය වේගයෙන් වර්ධනය කර ගත යුතු වෙනවා.

එම නිසා විශේෂයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය කළ යුතු අතර එහිදී විශේෂ අවධානයක් යොමුවන ක්ෂේත්‍රයක් තමයි බදු.

ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන් බදු ප්‍රතිපත්තිය කෙසේ වෙනස් විය යුතුද යන්න පිළිබඳ අවධානය යොමුකිරීමේදී ඒ පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා අදහස දක්වමින් පැවසුවේ සමාජයේ පහළ ජන කණ්ඩායම් සහ මධ්‍යම පන්තිය වෙත එල්ල වී තිබෙන බදු බර ක්‍රමානුකූලව පහත හෙළිය යුතු බවයි. මෙහිදී බදු ගෙවිය හැකි ජන කණ්ඩායම් ඉලක්ක කරගෙන බදු අයකිරීම් කළ යුතු වෙන අතර ඊට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු බව මහාචාර්යවරයා සඳහන් කළා.

එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ දේපල බද්ද, ධන බද්ද, ආදායම් බද්ද ගැන ගැන රජයට අවධානය යොමුකළ හැකි බව දුනුසිංහ මහතා පැවසූ අතර ලෝකයේ රටවල එය සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

”සමාජයේ පහළ ජන කණ්ඩායම් හා මධ්‍යම පන්තිය මත එල්ල වෙලා තියෙන බදු බර ක්‍රමානුකූලව පහළට ගෙන ඒමේ අවශ්‍යතාව තියෙනවා. එසේ කිරීමට නම් රජය අනිවාර්යයෙන්ම බදු ගෙවිය හැකි ජන කණ්ඩායම් ඉලක්ක කරගෙන බදු අයකිරීම කළ යුතු වෙනවා. මේ අතරින් විශේෂයෙන් දේපල බද්ද හඳුන්වාදීමට අදාළ යෝජනාවක් පැවතියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා යටතේ. ඒ අනුව දේපල බද්ද ආදායම් බද්ද ධන බදු යන ක්ෂේත්‍රවලට වැඩි අවධානයක් යොමුකිරිම කළ යුතු වෙනවා. ලෝකයේ බොහොමයක් රටවල දේපල බද්ද ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා සැලකිය යුතු බදු අදායමක් බදු ගෙවිය හැකි පිරිසෙන් ලබා ගැනීමට. ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල මෑත කාලීනව විවිධ වැඩසටහන හරහා ක්‍රියාත්මක වෙලා තියෙනවා දේපල හරහා බදු අය කිරීම සඳහා. අප්‍රිකානු රටක් වෙන සෙනගල් කියන රටේ ඉතා සාර්ථකව ඩිජිටල් තාක්ෂණය භාවිතා කරලා දේපල බද්ද හදුන්ව දීමක් කළා. සෞදි අරාබිය වැනි රටවල විශේෂයෙන් භාවිතයට නොගන්නා ඉහළ වටිනාකමකින් යුතු ඉඩම්, ගොඩනැගිලි හා අනෙකුත් දේපල ඉලක්ක කරගෙන බදු ආදායම් පනවනු ලැබුවා. මේ නිසා රජයට 2026 අයවැයේදී විශේෂ අවධානයක් යොමුකළ යුතු වෙනවා දැනට ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය ආර්ථික වර්ධනයට හිතකාරී වන හා දුප්පත්කම පහත හෙළීමට හැකි පරිදි බදු අදායම ලබා ගැනීමට අවශ්‍ය වන බදු ප්‍රතිසංස්කරණ කරන්න. 18%ක් කියන්නේ වැට් බද්ද ඉතාම ඉහළ අගයක්. ඒ නිසා අපි දන්නවා රටේ හතරෙන් එකක් දුප්පතුන් විදිහට තමයි සැලකෙන්නේ. මේ දුප්පත්කම පහත හෙළීම ඉතා ඉක්මණින් කළ යුතු වෙනවා. ඒ වගේම ආර්ථිකය වර්ධනය කරගැනීම ඉතා ඉක්මණින් කළ යුතු වෙනවා. දැනට සේවා වියුක්තිය ඉහළ මට්මක පවතින්නේ. විශේෂයෙන් උගත් තරුණ පිරිස අතර සේවා වියුක්තිය ඉතා ඉහළයි. මේ තත්ත්වයන්ට පිළිතුරු ලබාදීමට නම් ආර්ථික වර්ධනය වේගවත් කරන්න ඕනේ. ආර්ථිකය වර්ධනය කිරීමේ අරමුණින් මේ බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ.” දුනුසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...