“සීදේවි”බහුදන ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට සැකකරුවන්ට දුන් නියෝගය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW :

ඉකුත් දා දකුණු මුහුදු තීරයේදී බහුදන ධීවර යාත්‍රාවකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 251.18 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 85 ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවන් 06 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ ලබන 08 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන් බව වාර්තා වේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්
බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබූ බව පැවසේ.

එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් දකුණු මුහුදු තිරයේදී “සීදේවි” නමැති බහුදින ධීවර යාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට වරායට රැගෙන ආ බව සඳහන් කර ඇත. ඉන් අනතුරුව මත්ද්‍රව්‍ය ආනයනය කිරීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් හය දෙනා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු මෙතෙක් අවසන් කර නොමැති බැවින් මෙම සැකකරුවන් ලබන 08 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා සිට ඇති අතර, එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත. ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය ලබන 08 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියම කළ බව වාර්තා වේ.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...