සංචාරක සමයේ පැමිණෙන ගුවන්යානා වලට බාධාවකින් තොරව ගුවන් යානා ඉන්ධන සැපයේ!

Date:

එළඹෙන සංචාරක සමයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සම පිටව යන ගුවන් යානා සඳහා ගුවන් යානා ඉන්ධන බාධාවකින් තොරව ලබා දීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකසා ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.

2022.11.02 දින පෙරවරුවේ වරාය, නාවික හා ගුවන් යානා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් හා අදාළ පාර්ශවයන් සමඟ අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

ඒ අනුව, මේ වන විට ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 5600 කටුනායක ගුවන් තොටුපල ගබඩා සංකීරණයෙන් ගබඩා කර ඇති බවත්, කොලොන්නාව පර්යන්තයේ මෙට්‍රික් ටොන් 5575 ක් ඇති බවත්, ඒ අනුව ඉදිරි දින 17ක් සඳහා ගුවන් යානා ඉන්ධන ශ්‍රී ලංකාව තුළ ඇති බව සාකච්ඡාවට සහභාගී වූ ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජිතයින් පැවසීය.

මෙයට අමතරව ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30000 ක් රැගත් නැවක් වරායට පැමිණි අතර එම ඉන්ධන තොග අද දින සිට ගොඩ බෑමට කටයුතු කරන අතර, ඉන් අනතුරුව තවත් දින 65 කට පමණ ප්‍රමාණවත් ගුවන් යානා ඉන්ධන ලබා දිය හැකි බව ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජිතයින් පෙන්වා දෙන ලදී.

එසේ වූවද දෙසැම්බර් මාසය තුළදී සංචාරකයින් හා මඟීන් රැගත් ගුවන් යානා පැමිණීම වැඩි වන බව පුරොකථනය කර ඇති බැවින් තවත් ඉන්ධන තොග ප්‍රමාණයක් ගෙන ඒම අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු ගුවන් තොටුපළ සමාගමේ නිලධාරීන්, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...