රන්සිළු වෙනුවෙන් ආයෙත් පස්වන දා සවි එසැවෙයි

Date:

ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ තේරීම් තරඟ ජාත්‍යන්තර නීති රීති හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මීලඟ සෙනසුරාදා (නොවැම්බර් 05) නැවත පැවැත්වීමට ක්‍රීඩා අමාක්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇත.පැවති තේරීම් තරගයේදී රන්සිළු ජයතිලක ක්‍රීඩකයා සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව පිළිබඳව අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කර ඇත. ඒ පිළිබදව සංගමයේ සභාපතිවරයාගෙන් හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් විමසීම් කළ අතර, රන්සිළු ක්‍රීඩකයාට අහිමි වූ එම අවස්ථාව නැවත ලබා දිය යුතු බවට එකඟතාවය පැමිණියේ එම විමසා බැලීම්වලින් පසුවය.
නොවැම්බර් පළමුවන දා (01) දින ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ වර්තමාන තත්ත්වය හා ඉදිරි සැලසුම් පිළිබදව ද මෙම කරුණ පදනම් කරගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දි අවධානය යොමු විය.දැනට ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමය යටතේ බර පන්ති 8 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට ආසන්න ප්‍රමාණයක් සවි එසවීමේ ක්‍රීඩාවේ නියැලෙන අතර රන්සිළු ශ්‍රී ලංකාවට මෙම ක්‍රීඩාවෙන් විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අත් කර දුන් ක්‍රීඩකයෙකි.
නොවැම්බර් 29 දින සිට දෙසැම්බර් 04 වන දින දක්වා නවසීලන්තයේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය හා දෙසැම්බර් 04 වන දින සිට දෙසැම්බර් 08 වන දින දක්වා ඩුබායිහි පැවැත්වීමට නියමිත ආසියානු තරගාවලිය සඳහා සූදානම් වීම, පුහුණුවීම් කටයුතු, තේරීම් තරග, වීසා පහසුකම් පිළිබඳව මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා විය.
මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ක්‍රීඩා හා යෞවන කටයතු අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේන, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ සභාපති කපිල පෙරේරා යන මහත්වරු එක් වූහ.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...

චීන-දකුණු ආසියා සම්බන්ධතා ශක්තිමත් කරමින් 09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද (19) නිරිතදිග...