සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ගැටලු විසඳීමට ජනාධිපති ලේකම්ගෙන් උපදෙස්

Date:

සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ගැටලු සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වී තිබේ.

සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ වැටුප, විශ්‍රාම වැටුප, උසස්වීම් පටිපාටිය සහ ස්ථීර පත්වීම් ලබාදීම ඇතුළු ඔවුන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ යෝජනා රැසක් ද ඉදිරිපත් කෙරිණි.

මෙම ගැටලු පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් ඒවා විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර යන මහත්වරු ඇතුළු සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...

5 G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් රජයට දැවැන්ත ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ඊයේ(18) දින...