*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

සෞඛ්‍ය සුද්ධ කරන්න ඇමති රමේෂ්ට හැකි වෙයිද?

කොළඹ LNW:සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් හට පැවරි ඇති විෂය පථය සහ කාර්යභාරය පිළිබද කරුණු විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පවත්වා තිබුණි.

මානව හා භෞතික සම්පත් සංවර්ධනය, ප්‍රවාහන පහසුකම් හා අනෙකුත් අත්‍යාවශ්‍ය මූල්‍යමය පහසුකම්,දැනට රෝහල්වල ක්‍රියාත්මක ව්‍යාපෘති, ඩෙංගු රෝගය පාලනය හා ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය,ජලභීතිකාව පාලනය,ක්ෂය රෝගය පාලනය,දරුවන්ගේ සහ මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට ගෙන ඇති පියවර සහ ඉළක්කයන්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණූ කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග,බෝවන හා බෝනොවන රෝගවලින් ජනතාව මුදවා ගැනීම සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙල,රසායනාගාර පහසුකම්හි වත්මන් තත්ත්වය,ජාතික එන්නත්කරණ වැඩපිළිවෙල ආදිය සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කර තිබේ.

ඊට සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ජී. විඡේසූරිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය II වැඩ ආවරණ) වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා‌) වෛද්‍ය ආනන්ද ජයලාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) වෛද්‍ය සුදත් ධර්මරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය I) වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ්, යන නිලධාරීන් තම විෂය පඨයට අදාළව කරුණු පැහැදිලි කර තිබේ.

විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රීයාත්මක කිරිම සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, ශල්‍ය උපකරණ ඇතුලු අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව කටයුතු කරන ලෙසට එහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

පාසල් දන්ත චිකිත්සකවරුන් දහසක ප්‍රමාණයක් මෙරට දන්ත සෞඛ්‍ය සේවා කටයුතු සඳහා අවශ්‍ය නමුත් දැනට සේවා කටයුතු වල නිරත වන සංඛ්‍යාව 350 ක් බව ද මෙහි දී අනාවරණය වී තිබෙන අතර හිඟ චිකිත්සකවරුන් පුහුණූ කිරිම සම්බන්ධයෙන් පවතින බාධාවන් ඉවත් කර පුහුණු කිරීම් කඩිනම් කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්වීමෙන් අනතුරුව එහි විධායක කමිටුව ප්‍රථම වරයා ඊයේ (02) දින රැස්වී තිබුණි.

ඊයේ දින ඔවුන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රසායනාගාර පරීක්ෂා කර තිබුණු අතර ඒවා නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන ගොස් නැති බව අනාවරණය විය.

කෙසේවෙතත් එම අධිකාරියේ තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම සඳහා විධිමත් සාකච්ජාවක් කැඳවීමටද තීරණය වී ඇත.

මේ අතර ප්‍රමිතියෙන් තොර ඉමිනියුග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ චෝදනා එල්ල වී සිටින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගෙන් සහ එම චෝදනාව එල්ල වී සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙඅපර්තමේන්තුව සාක්ෂි ලබා ගෙන ඇති බවද වාර්තා වෙයි.

ඔවුන්ගේ බැංකු ගිණුම් ද පරික්ෂාවට ලකක්ර තිබෙන බව සඳහන්.

පසුගිය කාලය පුරා බාල ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා එල්ල වූ අතර එවකට සෞඛ්‍ය ඇමතිව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊට චෝදනා එල්ල වූ නමුත් ඔවුට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවද ආණ්ඩුව විසින් ජයග්‍රහණය කරන ලදී.

කෙසේවෙතත් අභ්‍යන්තරිකව ආණ්ඩුව තුළම පැවති විරෝධතා හේතුවෙන් අමාත්‍ය ධූර කිහිපයක් සංශෝධනයට ලක් කරමින් සෞඛ්‍ය අමාත්‍යධූරය සඳහා වෛද්‍ය රමේෂ් පතිරණ මහතාව පත්කරන ලදී.

ඒ අනුව දැන් ඔහුට ජනතාව වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය රැකගැනීමේ වගකීම පැවරී තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan