*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

සිව්වෙනි වරටත් පොලිස්පතිට සේවා දිගුවක්?

කොළඹ LNW: දැනට තුන්වන වරටත් සේවා දිගුවක් යටතේ පොලිස්පති ධුරයේ වැඩ කරන සී.ඩී. වික්‍රමරත්න මහතාට යලිත් එම තනතුරේම කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබෙන බව වාර්තා වෙයි.

මීට පෙර මාස තුන බැගින් සේවා දිගු දෙකක් හා සති තුනක සේවා දිගුවක් සී.ඩී. වික්‍රමරත්න මහතාට ජනාධිපතිවරයා විසින් ලබා දී තිබුණි.

තුන්වන වරට සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් සේවා දිගුව ඊයේ (02) දිනයෙන් අවසන් වූ නමුත් ඊයේ දිනය වන තෙක්ම නව පොලිස්පතිවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් තීරණයකට පැමිණ නැති බව සඳහන්.

සී.ඩී. වික්‍රමරත්න මහතාට අවසන් වරට ලබාදුන් සති තුනක සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොලැබුණු නමුත් ජනාධිපතිවරයාගේ බලතල අනුව සේවා දිගුව ලබා දී තිබුණි.

කෙසේවෙතත් තවත් කෙටි කාලයක් සඳහා ඔහුම පොලීසියේ ලොකු පුටුවට ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙන බව කියවෙයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan