දැදුරුඔය වාන් දමයි! ජලාශයේ පහළ ප්‍රදේශවල ජනතාවට ප්‍රවේශම් වන ලෙස අනතුරු අඟවයි!

0
339

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වන විට, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අඩි 04 බැගින් විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි11200 ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවතින බව ,දැදුරුඔය වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කර ඇත.

වැසි තත්ත්වයේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් මේ දිනවල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම්වල වෙනස්කම් සිදුවිය හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

එමෙන්ම ජලාශයේ පහළ ප්‍රදේශවල අවදානම් තත්ත්වයන් ඇතිවිය හැකි බවත්, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් රත්නායක මහතාගේ උපදෙස් පරිදි සියලුම පාර්ශව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බවද පැවසේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??