Robocash Sri Lanka වෙතින් අනාවරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023 වසරේ මුල් භාගය වන විට මෙරට අන්තර්ජාලය භාවිතා කරන්නන් මිලියන 14.6 ක් සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මිලියන 7.2 ක් දැක ගත හැකි බව, Robocash Sri Lanka වෙතින් අනාවරණයක් කර ඇත.

මෙසේ වාර්තා කිරීමට හේතුව වී ඇත්තේ, අනාගතයේදී ශ්‍රී ලංකා රජය ඩිජිටල්කරණය මුල්තැන දී කටයුතු කරන බැවින් ඒ සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පහසුවීමක් වන ලෙසිණි.

යුරෝපීය සංගමයේ රටවල් හා සසදද්දී මෙරටෙහි ඩිජිටල් සාක්ෂරතා අනුපාතය සියයට 57 කි. ඒ තුළ වැඩිහිටි ජනගහනය වැඩි වශයෙන් දක්නට ලැබේ.

ශ්‍රී ලංකා රජය සහ පෞද්ගලික අංශය යන දෙකම ඩිජිටල්කටරණය තුලින් ගෙවීම් කටයුතු කිරීමට මේ වනවිටත් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත.

2022 වන විට, ජනගහනයෙන් ආසන්න වශයෙන් සියයට 90 ක පමණ සක්‍රීය ලෙස කාඩ් මගින් ගණුදෙනු සිදුවන බැංකු ගිණුම් කටයුතු සිදු කර ඇති අතර, කාඩ්පත් මිලියන 18.7 ක් රට තුළ සංසරණය වෙමින් පැවතිණ.

මෙයින් සියයට 85 ක් ඩෙබිට් කාඩ් භාවිත කරන්නන්ද , එය ගෝලීය වශයෙන් 51% ක් ඉක්මවන බවද වාර්තා වේ,

කෙසේ වෙතත්, දැනට ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සියයට 10 ක් වන අතර, එය ගෝලීය සාමාන්‍ය අගය වන සියයට 22 ටත් වඩා අඩු අගයකි.

නමුත් 2027 වන විට මෙරට ඩිජිටල් ගෙවීම් මගින් ගනුදෙනු කරන්නන්ගේ සංඛ්‍යාව, මිලියන 10 දක්වා ළඟා වනු ඇතැයි අනුමාන කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුගතදාසෙ නොදීම ගැන හයසින්ත්ගෙන් පුංචි ආඩපාලියක්

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: දකුණු කොරියාවේදී ආසියානු යොවුන්...

නව ඔලිම්පික් සභාපතිණිය ට්‍රම්ප් සමඟ ඔලිම්පික් ගැන තනිව කතා කරන්නට සිතයි.

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති...

‘මම නැතිනම් ඔවුන් තාමත් සටන් කරනවා’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

පළාත් කොමසාරිස්වරුන්ට තලතාගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මේ වන විට...