රාජ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණයි.වැටුප් වැඩි කළ යුතුයි – ජේ.සී අලවතුවල

Date:

කොළඹ LNW:රාජ්‍ය සේවකන්ගේ ඉල්ලීම් සාධාරණ අතර ඔවුන්ගේ වැටුප් වැටුප් වැඩිකළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පැවසුවේය.

ඒ,අද (03) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

අලවතුවල මහතා එහිදී පැවසුවේ 2019 දී රුපියල් 6000 කින් ජීවත් වූ අයෙකුට 2023 දී ජීවත් වීමට රුපියල් 16,000 කට අධික මුදලක් වියදම් වන බවත් 2019 ජීවන වියදම වගේ තුන් ගුණයට ආසන්න ප්‍රමාණයකින් අද ජීවන වියදම ඉහළ ගොස් ඇති බවත්ය.

ගෝඨාභය රාජපක්ෂ සහ පොහොට්ටු ආණ්ඩුව රට බංකොලොත් කිරීමෙන් සෑම භාණ්ඩයක්ම මිල ඉහළ ගිය බවත් වර්තමාන ආණ්ඩුව සිදුකරන වක්‍ර බදු වැඩි කිරීම හරහා භාණ්ඩවල මිල තවත් ඉහළ යන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

‘‘රටේ ජනතාව අද ජීවිතය ගැට ගහගෙන යන්නේ බොහොම අමාරුවෙන්. අද වනවිට දෙමාපියන්ට පාසල් යන තමන්ගේ දරුවට උදේ කෑම එක ලබාදීමේ ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. අද එතැනට රට වැටිලා තිබෙනවා. 2019 දී 6000 ක 7000 ක විතර වියදමකින් ජීවත් වුණ කෙනෙකුට 2023 වනවිට ජීවත් වෙන්න රුපියල් 16,000 ට වඩා වැඩි මුදලක් යනවා. 2019 ගෝඨාභය රාජපක්ෂ බලයට එනකොට තිබුණ ජීවන වියදම වගේ තුන් ගුණයට ආසන්න ප්‍රමාණයකින් අද ජීවන වියදම ඉහළ ගිහින් තිබෙනවා. ජීවන වියදම වැඩි වුණාට අද ජනතාවගේ ආදායම වැඩි වෙලා නෑ. ජනතාවගේ ආදායම අඩුවෙලා තිබෙන්නේ. රටේ ජීවත් වන බොහෝ දෙනෙකුගේ ආදායම් මාර්ග නැතිවෙලා තිබෙනවා. රටේ මේ වනවිට සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගණනාවක් වැහිලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඇගළුම් ක්ශ්‍රේත්‍රය , ඉන්ජිනේරු ක්ශ්‍රේත්‍රයේ සියලු දෙනාගේ රැකියා අද අහිමි වෙලා තිබෙනවා.

ආණ්ඩුව 2023 වසර තුළ සියයට 400 කින් විදුලි බිල ඉහළ දැම්මා. පසුගිය සතියේ නැවත විදුලිබිල ඉහළ දැම්මා. රටේ ජනතාවට එළියට බැහැලා වැඩි වුණා විදුලි බිල ගෙවන්න තිබෙන අපහසුතාවය ගැන හඬ නගනවා. නමුත් ආණ්ඩුව ජනතාවගේ හඬට සවන් දෙන්නේ නෑ ආණ්ඩුව නිහඬයි. ආණ්ඩුව අයවැය ගේන්න කලින් බදු වැඩි කරගෙන යනවා. සීනි වලට රුපියල් 50 ක බද්දක් ගහනවා.

සීනි වලට රුපියල් 50 ක බද්දක් ගැහුවා කියන්නේ සීනිවල මිල අනිවාර්යෙන් ඉහළ යනවා. පාලන මිලක් ගේනවා කියලා ආණ්ඩුව කියනවා. පාලන මිලක් ගෙනාවට තියෙන මිලට වඩා රුපියල් 50 කින් කොහොමත් සීනි වැඩි වෙනවා. ජනතාවට ජීවත් වීමට නොහැකි මොහොතක වක්‍ර බදු වැඩි කිරීමෙන් ජනතාව තවත් අපහසුතාවයට පත් වෙනවා. රටේ ජනතාව ජීවත් කරන්න පුලුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...