පළාත් පාලන සේවකයින් 8400කට ස්ථිර පත්වීම්!

Date:

කොළඹ LNW:පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථිර කර නොමැති සේවකයින් 8400ක්,කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අවධාරණය කරයි.

එම පිරිස වසර 15ක් හෝ ඊට ආසන්න කාලයක් සේවයේ නියුතු පුද්ගලයින් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”පළාත් සභාවලට සේවකයින් 10,000ක පුරප්පාඩුවක් තිබුණා. ඉන් 6000කට වැඩි පිරිසක් බහුකාර්ය සේවකයින් ලෙස ලබා දී තිබෙනවා. මේ මස 10 වන දින වනවිට ඉතිරි පුරප්පාඩු සඳහා එම බහුකාර්ය සංවර්ධන නිළධාරීන්ගෙන් ආවරණය කිරීමට කටයුතු කරනවා.

මෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පළාත් පාලන ආයතනවල වරිපනම් ගෙවීම, කඩකුලි ගෙවීම් සහ ස්ථාන වෙනක්ර ගැනීම් ආදී කටයුතු සිදු කිරිමට අදාළව මෘදුකාංගය සකස් කිරීම ඉදිරි සති 02ක් වැනි කාලයක් තුළ නිම කිරිමට අපේක්ෂා කරනවා. එහි පළමු අදියර යටතේ මධ්‍යම පළාත සහ බස්නාහිර පළාත තුළ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරිම 2023.11.30 දින වන විට ආරම්භ කිරිමට නියමිතයි.

එමෙන්ම ඝන අපද්‍රව්‍ය පිරිසැකසුම් කිරිම සහ සනීපාරක්ෂතා බිම් පිරවුම් ව්‍යාපෘතිය නමින් කොරියානු රජයේ මූල්‍ය ආධාර යටතේ බදුල්ල සහ වව්නියාව යන දිස්ත්‍රික්වල සහ සියලු පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණ ගැටළු සඳහා විසදුම් ලබා දිම පිණිස වූ ව්‍යාපෘතිය 2024 ජනවාරි මාසයේදි ආරම්භ කිරිමට නියමිතව බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...