හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස ගෙන ගිය ශ්‍රී ලාංකිකයකු මරුට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සුජිත් යටවර බණ්ඩාර මහතා හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රැගෙන ගොස් සිටි බවට සැක කළ අතර, ඔහු මේ වනවිට මියගොස් ඇති බවට ඊශ්‍රායල පොලීසිය තහවුරු කළ බව, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

තානාපතිවරයා සඳහන් කළේ , හඳුනා නොගත් මළ සිරුරක් හා ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල සමග සැසඳෙන බවට ඊශ්‍රායල පොලීසියේ ඉන්ටර්පෝල් ශාඛාව අද (03) සනාථ කර ඇති බවයි .

සුජිත් යටවර බණ්ඩාර මහතාගේ බිරිඳ මතකය අවදි කරමින්,

අපි දෙන්නා ගොඩාක් බලාපොරොත්තු පොදි බැඳගෙන තමයි ඩුබායි ඉඳල ආවෙ. විවාහවෙලා කාලයක් ගතවුණාට පස්සෙ පවුලේ අගහිඟකම් සපුරා ගැනීමට තමයි මහත්තය රට ගියේ. විශේෂයෙන් අවශ්‍ය වුණේ ළමයි දෙන්නට හොඳට උගන්වන්න. අපිටම කියල ගෙයක අවශ්‍යතාවත් තිබුණා.

ඒ නිසා මම වෙන්නප්පුව නගරේ පෞද්ගලික ඉංග්‍රීසි පාසලකට දරු දෙන්නා යොමුකළා. ඒ දෙන්නත් ආසාවෙන් හොඳින් ඉගෙන ගන්නවා. පස්සේ අපිටම කියලා නිවහනක බලාපොරොත්තුවක් තිබූ නිසා වෙන්නප්පුව කොලොන්ජාඩිය ප්‍රදේශයෙන් නිවසක් ගත්තා. මට හරි දුකයි එයා තාම මේ ගෙට ඇවිල්ලත් නෑ. එයා වීඩියෝ කෝල්වලින් තමයි ගෙදර බලන්නේ. සිද්ධිය වුණු දවසේ එයා මට කෝල් කර කර හිටියේ. ටික වේලාවකින් අන්තවාදීන්ගේ ප්‍රහාරයේ කිසියම් බිහිසුණු සද්දයක් ඇසුණා. ඊට පස්සේ එයා වෙඩි සද්දේ කියලා කිව්වා. මං කිව්වා පරිස්සම් වෙන්න කියලා. ඒ කියලා තත්ත්පර ගානක් ගියේ නෑ… එයාගේ දුරකතන සම්බන්ධතාව ගිලිහිලා ගියා. මට හිතා ගන්න බෑ මොනාද වුණේ කියල

ආගමික වතාවත් සහ ජනතා ගෞරවයන් පිරිනැමීමෙන් අනතුරුව ඔහුගේ සිරුර කොළඹ බලා පිටත් කරවීමට නියමිතව ඇත.

තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ , සුජිත් බණ්ඩාර යටවර මහතාගේ අභාවය පිළිබඳව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙන්ම තානාපති කාර්යාලය ශෝකය පළ කරන බවයි .



රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...