*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

සිරකුටියේ සුපිපි මල් “ලලිත සිර සර”

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලොව ප්‍රථම වතාවට සිරකුටියක් තුළ සිරවූ දහසක් සුසුම් ,කඳුළු එකට කැටිකර විශ්මිත හැකියාවන් ලෝකයට විහිදා දක්වන්නට, අපූරු හඳවතක් තුළ මැවුණු එක් සිතුවිල්ලක් මල් ඵල ගැන්වීමක් ලෙස, බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන රැදවියන් විසින් තම කලා හැකියාවන් එළි දක්වන අති සාර්ථක විචිත්‍රවත් ප්‍රසංගයක් ලෙස “ලලිත සිර සර” වැඩසටහන හඳුන්වා දිය හැකියි.

රැදවියන් පුනරුත්ථාපනය කිරීමේ දී ඔවුන්ගේ විවිධ කුසලතාවන් හඳුනා ගැනීම බන්ධනාගාරය සතු කාර්‍යක් වන අතර, එහිදී ඔවුන්ගේ අධ්‍යාපන හැකියාවන්,කලා කුසලතාවයන් සහ ඔවුන් සතු සැඟවුණු කුසලතාවන් එළියට ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිරන්තරයෙන්ම කැපවී සිටී. මෙම ප්‍රාසාංගික කලා මංගල්‍යයේ ද විශේෂ අරමුණ වන්නේ එයයි. බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය කිරීමේ එක් පියවරක් ලෙස ඔවුන්ගේ කුසලතා හැකියාවක් ඔප් නැංවීමට ගන්නා ලද උත්සාහක ප්‍රථිඵලයක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව 2019 වර්ෂයේ පළමු වතාවට කල එළි දැක්වූ “ලලිත සිර සර” රැදවියන්ගේ සැඟවුණු කුසලතා එළිදැක්වීමේ මහා ප්‍රසංගය දෙවන වරටත් “ලලිත සිරි සර 02” ප්‍රසංගය ලෙස නොවැම්බර් මස 10 වනදා පැවැත්වීමට නියමිතව ඇත.

එහිදී ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා ප්‍රමුඛ කලා ශිල්පීන් විශාල ප්‍රමාණයක් එකතුව මෙම විශේෂ ප්‍රසංගය සංවිධානය කර ඇති අතර, ඔවුන් ඒ සඳහා කිසිදු මුදලක් අය නොකරන බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසා සිටී.

එසේම , ජාතික වගකීමක් ලෙස සලකා තමන්ගේ උපරිම කැපවීමෙන් කටයුතු කරමින් මෙයින් බලාපොරොත්තු වන්නේ වරදට පෙලඹුණු , යම්කිසි අධිකරණයක් මගින් දඬුවමක් ලැබුණු , බන්ධනාගාර රැඳවියන් තුළ ඔවුන්ගේ ජීවිතය එතනින් තිත නොතබා, එම පුද්ගලයා දෙස බොහොම සංවේදීව බලා ඔවුන්ගේ හැකියාවන් ඔප් නංවමින් සමාජ ගත කිරීම මෙම ලලිත සිර සර ප්‍රසංගයේ ප්‍රධාන අරමුණ වී ඇති බවද බන්ධනාගාර දෙපාර්මේන්තුව පවසයි.

මෙය සංවිධානය කිරීම ඉතාමත් අභියෝගයකට තුඩු දෙන කාරණයක් බව බන්ධනාගාර කොමසාරිස් උපුල්දෙණිය මහතා පවසා සිටි අතර, ඔවුන් බලාපොරොත්තු වන්නේ මෙම සංදර්ශනය වසර තුනකට වරක් හෝ ජනතාවට දැක බලාගැනීමට රස විඳීමට අවස්ථාව උදා කර දීමට බවද පැවසීය.

එහිදී හිටපු අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පවසා සිටියේ, නිලධාරීන් සහ සිරකරුවන් එකතුවී මෙවන් කටයුතු වල නිරත වන විට, ඒ අය තුළ යම්කිසි ආත්මවිශ්වාසයක් ඇතිවන බවත් , ඔවුන්ට යම් කිසි දෙයක් කිරීමට සිත තුළ ශක්තියක් සහ අභිමානයක් ගොඩනැගෙන බවයි .

මෙම ලලිත සිර සර ප්‍රසංගේ 2019 වර්ෂයේ පැවැත්වූ අවස්ථාවේදී ඒ සඳහා සංගීතයෙන් සහභාගි වූ ඇතැම් රැදවියන් අද මේ වන විට සිරගෙදරින් නිදහස් වී ලෝකයේ යම් ස්ථානවල වාදකයන් , ගායකයන්, වෙනත් වෘතිකයන් ලෙස සමාජයේ යහපත් අයුරින් සමාජගතවී සිටිනා බවද හිටපු අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පවසා වඩිදුරටත් පැවසීය.

චන්දන ඒකනායක මහතා තවදුරටත් පැවසූයේ, රැදවියන් සමාජගත කිරීමේදී දැඩි වෙහෙසක් දැරීමට සිදුවන අතර , ඔවුන් හොඳ විනයක් සහිත පුද්ගලයන් බවට නිරන්තරයෙන් පත් කළ යුතු බවයි. “ලලිත සිර සර” ප්‍රසංගය තුළදී ඔවුන් ඉතා යහපත් විනයකින් යුතුව ඒ සඳහා සහභාගි වන බවත්, අනාගතයේදී සමාජයට ගොස් විනයගරුක මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වීමට මෙය මහත් රුකුලක් වන බවයි. සංස්කෘතිකත්ත්වය සහ කලාව තුළින් මිනිසුන් වෙනස් චරිත බවට පත්කරන අවස්ථාවක් ලෙස “ලලිත සිර සර” පෙන්වා දෙන බවත්ය.

ලංකාව පුරා සිටින බන්ධනාගාර 28කින් තෝරා ගත් රැඳවියන් ර එකසිය තිහක් (130) ක් පමණ සහභාගි කරවා ගනිමින් පවත්වන ප්‍රසංගයක් වන මෙම ලලිත සිර සර ප්‍රසංගය 2023 නොවැම්බර් 10 වනදා නෙළුම් පොකුණ රඟහලේ දී සවස 6.30 ට ජන ගත කිරීමට නියමිත බවත්, මෙම ප්‍රසංගය තුළ විවිධ හැකියාවන්ගෙන් පෝෂණය වූ රැදවියන් මේ සඳහා සහභාගි වන බවත් බන්ධනාගාර දෙපාමේන්තුව දන්වා සිටී.

ගායන, නර්තන, බෙර වාදන ඇතුළු සංස්කෘතික අංග රාශියකින් සමන්විත මෙම ප්‍රසංගය පැය තුනක කාලයක් තුළ වූ ප්‍රේක්ෂකයන්ට ඉතාමත් උසස් රසාස්වාදයක් ගෙන දෙන ඉතාමත් ප්‍රාසාංගික වැඩසටහනක් බව කිව යුතුය.

සිරකරුවන් දෙස වරදකාදී දෑසින් නොබලා ඔවුන්ගේ දස්කම් සහ හැකියාවන් ලෝකයට ගෙනයන්නට දරණ වෑයමක් බව මෙහි සංකල්පීය නිර්මාතෘ හිටපු අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා ඉතාමත් සතුටින් අවසාන වශයෙන් කියා සිටියේය.

පහත දක්වා ඇත්තේ 2019 වසරේ පැවැත්වූ “ලලිත සිර සර” ප්‍රසංගයේ ප්‍රාසාංගික අවස්ථා කීපයක්

අප අතරින් වියෝ වූ ජැක්සන් අන්තනී මහතා අදහස් දක්වමින්

රැදවියන්ගේ බෙර වාදනයක්

රැදවියෙකුගේ ගායනයක්

රැදවියෙකුගේ ගායනයක්

හිටපු අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා ඇතුළු කලා කරුවන් පිරිස

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan