අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවරට බලපෑම්!

Date:

කොළඹ LNW: අධික සුළං සහිත ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 14ක පුද්ගලයන් 64 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ (03) පස්වරුවේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා ඇද හැලුණු මහ වැසි නිසා නාය යාම්, පස් කණ්ඩි කඩා වැටීම්, තද සුළං හා අකුණු සැර වැදීම් සිදුවීමෙන් මෙම ආපදා සිදුව ඇතැයි ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.

වැඩිම ආපදා ප්‍රමාණයක් උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වාර්තාවන අතර එම කොට්ඨාශයේ පවුල් 07ක පුද්ගලයන් 28 දෙනෙකුට බලපෑම් එල්ලවී තිබේ. අකුණු සැර වැදීමෙන් උඩුනුවර ලගමුව ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයන් තිදෙනෙකු රෝහල් ගත කොට ඇත.

මැදදුම්බර, තුම්පනේ, හාරිස්පත්තුව, පාතදුම්බර, පාතහේවාහැව සහ හතරලියද්ද යන ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශවලට ද අහිතකර කාලගුණයේ බලපෑම් සිදුව ඇත.

පීඩාවට පත්වූ පවුල් 03ක පුද්ගලයන් 09 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින අතර මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත පීඩාවට පත්වූවන්ට සහන සැලසීම හා වියළි සලාක ලබාදීම මේ වන විට සිදුවෙමින් පවතියි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (050 දිනයේදී...

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...