ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා : සාකච්ඡා සාර්ථකයි

Date:

ධීවර කර්මාන්තයේ පළපුරුද්දක් ඇති ශ්‍රමිකයින්ට කොරියාවේ ධිවර ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා විවෘත කරදීමත් ධීවර ක්ෂේත්‍රෙය් වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමත් සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ දකුණු කොරියානු ජාත්‍යන්තර සමුපකාර ධීවර සංවිධානයේ සභාපති Im Joon Taek මහතා අතර සාර්ථක සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ අනුව ධීවර රැකියා සම්බන්ධයෙන් දෙරට අතර අවභෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද දෙපාර්ශවයේ අවධානය යොමුවී ඇත. සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොරියානු රජය ඒ සදහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

දැනට කොරියානු ධීවර රැකියා සදහා ලබාදෙන ඊ 9 වීසා කාණ්ඩය යටතේ බදවාගනු ලබන ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ඉහළ නංවාගැනීම සදහාද මෙහිදී අවධානය යොමුවූ අතර කොරියානු ධීවර රැකියා සදහා දෙවරක් ගොස් ඇති ශ්‍රමිකයින්ට නැවත වරක් එම රැකියා අවස්ථා ලබාගැනීමට ඇති හැකියාව ගැනද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත. ඒ අනුව ඊ 7 හෝ ඊ 10 කාණ්ඩයේ වීසා බලපත්‍ර හරහා මෙම අවස්ථාව ලබාදීමටද වැඩිදුරටත් අවධානය යොමුව ඇත.

මේ අතර කොරියානු ධීවර ක්ෂේත්‍රෙය් ව්‍යාපාරිකයින්ට ලංකාවට පැමිණ ආයෝජනය කරන ලෙසට අමාත්‍යවරයා, කොරියානු ජාත්‍යන්තර සමුපකාර ධිවර සංවිධානයේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර එයටද යහපත් ප්‍රතිචාර හිමිව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...