DSI පවුලේ ආරවුල: සජිත් ඉවත් කිරීමට එරෙහිව කසුන් රාජපක්ෂගේ උත්සාහය යළි ව්‍යර්ථ වෙයි!

Date:

කොළඹ LNW:DSI සැම්සන් පවුලේ ව්‍යාපාරික අර්බුදය උග්‍ර වෙමින් පවතින පසුබිමක එහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ විසින් සැම්සන් පවුලේ රණතුංග රාජපක්ෂ පවුලට අයත් ප්‍රධාන චරිතයක් වන සජිත් රාජපක්ෂට එරෙහිව රැස්වීමක් පැවැත්වීම සහ එයට බාධා කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට උත්සහ කර තිබුණද එය ව්‍යර්ථ වී තිබේ.

මීට ඉහතදී DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ සමාගම් 3 ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන්ද සෙසු සමාගම් 5ක අධ්‍යක්ෂ ධූරයෙන්ද සජිත් රාජපක්ෂ ඉවත් කර තිබුණු අතර එයට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ඔහු යළි එම තනතුරුවල පිහිටුවන ලෙස අධිකරණ නියෝගයක් ලැබී තිබුණි.

එම අධිකරණ නියෝගයට අනුව සජිත් රාජපක්ෂ තනතුරුවල පිහිටුවීම සිදුකළද ඔහුට නිසි පරිදි සමාගමේ මෙහෙයුම් කටයුතු කිරීමට ඉඩ නොලැබීම මත සජිත් විසින් යළි අධිකරණය හමුවට යන්නේ ලබාදුන් අධිකරණ නියෝගය DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසින් නිසිලෙස ඉටුනොකිරීම මත අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට කරුණු දක්වමිනි.

එමෙන්ම තමන්ව යළි තනතුරු වල පිහිටුවන ලෙස අධිකරණයෙන් ලබා ගත් අතුරු තහනම් නියෝගය තුළ තමා අධ්‍යක්ෂ ධූරවලින් වලින් නෙරපීම අරමුණු කරගෙන පවත්වන අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් පැවැත්වීමට නොහැකිවන ආකාරයෙන්ද සජිත් රාජපක්ෂ විසින් තහනම් නියෝගයට කරුණු ඇතුළත් කරගෙන තිබේ.

ඒ අනුව එම නඩුව එළඹෙන 20 වැනිදා කැඳවීමට නියමිතයි.

මෙවන් පසුබිමකයි කසුන් රාජපක්ෂ විසින් අද (03) දින DSI සැම්සන් සමූහයේ මූලස්ථානයේදී රැස්වීමක් කැඳවීමට කටයුතු සැලසුම් කර තිබුණේ.

ඒ අනුව අධිකරණ නියෝගද නොතකා සජිත් රාජපක්ෂව මෙම ආයතනික ක්‍රියාවලියෙන් ඉවත්කර ගැනීමේ අරමුණේ කසුන් රාජපක්ෂ දැඩිව සිටිමින් එම රැස්වීමට සජිත් රාජපක්ෂගෙන් එල්ල විය හැකි බාධාවන් ඉවත් කරගැනීමට කොළඹ වාණිජ මහාධිකරණයේ නියෝගයක් ලබා ගැනීමට කසුන් රාජපක්ෂ ක්‍රියා කර තිබුණි.

ඊට එරෙහිව සජිත් රාජපක්ෂගේ නීතිඥයින් අධිකරණයට කරුණු දක්වමින් කසුන් රාජපක්ෂගේ උත්සාහය ව්‍යර්ථ කර තිබේ. සජිත් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් දැඩි ලෙස තර්ක කර ඇත්තේ සජිත් මෙම සමාගම්වලින් ඉවත් කිරීම හරහා එම ආයතන ව්‍යසනකාරී මූල්‍ය ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි බවත් සමාගම් තිරසාරභාවය දැඩි හානිකර තත්ත්වයක් ඇති විය හැකි බවත්ය.

ඔවුන් කරුණු දක්වමින් අධිකරණයට පවසා ඇත්තේ සජිත් රාජපක්ෂ, ඔහු නියෝජනය කළ DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ වර්ධනයට සහ මූල්‍ය සාර්ථකත්වයට විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇති බවයි. පසුගිය වසර පහ තුළ ඔහු නියෝජනය කරන රණතුංග රාජපක්ෂ පවුලේ සමාගම් වල දායකත්වය සමූහයේ ලාභයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් සහ එම කාලය තුළ සමූහ සමාගමේ ශුද්ධ වත්කම්වලින් කැපී පෙනෙන 55% ක ප්‍රතිශතයක් සජිත් නියෝජනය කරන රණතුංග රාජපක්ෂ පවුලේ සමාගම් වලට අයත් බවත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත.

මේ අතර කසුන් රාජපක්ෂගේ මූලික මෙහෙයවීමෙන් යුත් පාවහන් නිෂ්පාදන සමාගම් වල කාර්ය සාධනය පිළිබඳවද මේ අධිකරණයට දැක්වූ කරුණු ඔස්සේ අනාවරණය වී තිබේ.

ඒ අනුව පසුගිය වසර පහ තුළ ඔවුන්ගේ නායකත්වයෙන් යුත් සමූහ පාවහන් නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරිත්වයේ වාර්ෂික සාමාන්‍ය පාඩුව මිලියන 28ක් ලෙස වාර්තා වී ඇත.

ඊට හාත්පසින්ම වෙනස්ව, එම කාලය තුළම, සජිත් රාජපක්ෂගේ නායකත්වයෙන් සැම්සන් සමූහ ව්‍යාපාරයේ සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් හා සැම්සන් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම් විශිෂ්ට ලෙස වාර්ෂික ලාභ කරා මෙහෙයවා තිබේ. ඔහුගේ ව්‍යාපාර වාර්ෂිකව සමූහ ව්‍යාපාරයට රු.මිලියන 557ක ලාභ දායකත්වයක් ලබාදී ඇත්තේ රටවල් 75කට අධික ගෝලීය අපනයන ක්‍රියාවලියක් හරහා ය.

DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තමා දැරූ ධූරවලින් ඉවත්කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට පටහැනිව අධිකරණයට අපහාසයක් වන අයුරින් කටයුතු කිරීම පිළිබඳව DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ යන අයට හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට එරෙහිවයි සජිත් රාජපක්ෂ කොළඹ වාණිජ්‍ය මහාධිකරණයේ නඩුව පවරා ඇත්තේ.

එය යළි මෙම මස 20 වැනිදා කැඳවීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුගතදාසෙ නොදීම ගැන හයසින්ත්ගෙන් පුංචි ආඩපාලියක්

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: දකුණු කොරියාවේදී ආසියානු යොවුන්...

නව ඔලිම්පික් සභාපතිණිය ට්‍රම්ප් සමඟ ඔලිම්පික් ගැන තනිව කතා කරන්නට සිතයි.

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති...

‘මම නැතිනම් ඔවුන් තාමත් සටන් කරනවා’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

පළාත් කොමසාරිස්වරුන්ට තලතාගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මේ වන විට...