මිනිසුන්ට ලෝකය ජය ගන්නට වැඩි ඉඩක් ඇති බව සනාත කරමින් ආබ්ඩි නිව්යෝර්ක් මැරතන් සූරතාවය දිනයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 05,(LNW) කොළඹ :

මෙවර නිව්යෝර්ක් මැරතන් සූරතාවය දිනා ගැනීමට සෝමාලියාවේ උපන් ආබ්ඩි නගීයේ සමත් වෙනවා.එහෙත් ඒ ගෞරවය සෝමාලියාවට ලැබෙන්නේ නැහැ.ඔහුගේ ක්‍රීඩක ජිවීතයට වටිනාකමක් දෙන සහ සුරක්ෂිතභාවය ඇති කරන නෙදර්ලන්තය නියෝජනය කරන ආබ්ඩි මේ වන විටත් නෙදර්ලන්තයේ අර්ධ මැරතන්,මැරතන් සහ කිලෝ මීටර් 10 මාර්ග ධාවනය යන ඉසව් ත්‍රිත්වයේම ජාතික වාර්තාවේ උරුමක්කාරයාද වෙනවා.


අවුරුදු හයේදි නෙදර්ලන්තයට සරණාගතයෙකු ලෙස සංක්‍රමණය වන ආබ්ඩි,පසුව සිය පවුල සමඟ සිරියාව සහ නැවත සෝමාලියාවේ ජීවත් වි ඇත.ඔහු අවුරුදු හයෙන් නෙදර්ලන්තයට පැමිණ නැවත සිය පවුල සමඟ නික්ම යන විට ඔහුට අවුරුදු 10 ක් විය.පසුව යළිත් ඉතියෝපියාව හරහා නෙදර්ලන්තයට සංක්‍රමණය වන ආබ්ඩිගේ වගකීම භාර ගන්නට Oldebroek හි පවුලක් ඉදිරිපත් වන්නේය.
මේ වන විට 35 වන වියේ පසුවන ආබ්ඩි තවමත් ජයග්‍රහණය වෙනුවෙන් සටන් වඳින්නට සුදුසු මට්ටමක සිය සිරුර නඩත්තු කරමින් වෘත්තීය ක්‍රීඩක ජීවිතය පවත්වාගෙන යමින් සිටියි.ඔහු ලෝකයේම අවධානය ලක් වූ සුවිශේෂීම මොහොත වාර්තා වූයේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ය.ඔහු එහිදී එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගන්නට සමත් විය.2022 දී ද ඔහු නිව්යෝර්ක් මැරතන් තරගයේ තෙවැන්නා ලෙසින් තරගය නිමා කර ඇත.මෙවර එහි ජයග්‍රාහකයා වන්නට හැකි වන්නේය.


සෝමාලියාවේ අන්ත පිඩිත සමාජයක,ලෝකය ජය ගැනීමේ සිහිනයක් ගැන තිතක්වත් නොපෙනෙන පවුල් පසුබිමක ඉපදුණ ද,ලෝකය ඔහුගේ ඉරණම වෙනස් කරන්නට තැනක් සකසා දී ඇත.වර්ථමාන ලෝකයේ වානිජමය වශයෙන් රටකින් ක්‍රීඩකයින් මිල දී ගැනිමට වෙනත් රටකට ඇති හැකියාව ගැන දෝමනස්සයන් ද නැත්තේ නොවේ.දිනන්නට බැරි තරම් දුරට ඒ අලුත්විම් සමග ආසියාවේ මලල ක්‍රීඩා ආධිපත්‍යය බෙහෙවින් මැද පෙරදිග රටවල් වෙත ඇඳෙමින් තිබෙන්නේ ද ඒ ආකාරයටය.එහෙත් කවදාවත් ආබ්ඩ්ලාව ලෝකය ජය ගන්න තැනට පත් කරන්නට සහ ඒ වෙනුවෙන් භෞතිකව කැප වෙන්නට දිළිඳුභාවයේ පතුලේම සිටින සෝමාලියාව වැනි රටක් අපොහොසත්ය.


ඒ ආකාරයෙන් බලන විට ලෝකය ජය ගන්නට සිය දක්ෂතාවයන්ට පළල් ඉඩක් සැකසී තිබීම වැදගත්ය.රටක් නොව ලෝකයක් හිමි මිනිසෙකු ලෙස සිය හැකියාවන් භාර ගන්නා තැනක් බවට පත් ලෝකයක් තිබීම වැදගත්ය.බල උන්මාදය නිසා මිනිසුන් එකිනෙකා මරා ගන්නා ලෝකයකම ආබ්ඩි වැනි ක්‍රීඩක හැකියාවක් පොළවේ වරදක් නිසා වැළලි යා නොදි එළි දක්වන්නට හැකි ලෝකයක් තිබීම වැදගත්ය.ඒ ලෝකය මනුස්සෙක්ට ලබා දෙන්නේ තරග කරන්නට කොඩියක් පමණක් නොවේය.ජීවිතයක්ය.එය අංග සම්පූර්ණ ගෞරවණීය වෘත්තීය ජීවිතයක්ය.අවුරුදු 35 ක් ජීවත්වීමත් අවින්ශ්චිත බිමක ඉපිද අවුරුදු 35 දී ත් සිය සිරුර ලෝකය ජය ගැනීමේ සටන වෙනුවෙන් මෙහෙයවන ආබ්ඩි,ලෝකය මිනිසුන් මිලදි ගන්නා බවක් කියන බව නොහැඟෙන්නේය.මිනිසුන්ට ලෝකය ජය ගන්නට වැඩි ඉඩක් නිර්මාණය කර තිබෙන බව පෙන්වා දෙන්නේය.
පැය 2:07:39 න් පිරිමි නිව්යෝර්ක් මැරතන් තරගය ආබ්ඩ් ජය ගනිද්දී කාන්තා තරගය ජයගත්තේ කෙන්යාවේ ෂෙයිලා චෙප්කිරුය.ඇය තරගය නිමා කිරීමට පැය 2:24,35 ක කාලයක් ගත කළාය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...