*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

මොහොමඩ් අල්-ෆයිඩ්ගේ දිහහැරුණු, දශක ගණනාවක චෝදනා පත්‍රය !

සටහන – පුන්සරා ලියනගේ
නොවැම්බර් 05,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
: ඊජිප්තු ආරෙන් ඇවිත් බ්‍රිතාන්‍ය ව්‍යාපාරික පට්ටමක් ලබාගත් ඔහු නමින් මොහොමඩ් අල්-ෆයීඩ් ය. හැටේ දශකයේ මැද භාගයේ සිට එක්සත් රාජධානියේ පදිංචිව සිටි අල්-ෆයීඩ් ට එරෙහිව එල්ලව තිබූ චෝදනා මෑතකදී නැවත මතුවීම කාගේත් කතාබහට නතු වූ කරුණක්ව හමාරය.

එකළ වැඩි වශයෙන් ඔහු පිළිබඳ කතාවට නැඟුනේ, ඩයනා කුමරියගේ මරණයට ද දෝෂාරෝපණ එක් කරමිනි. අල්-ෆයිඩ්ගේ ඉතිහාසය දශක ගණනාවක් පුරා පැතිර ගිය ලිංගික අපචාර චෝදනා ගණනාවකින් විනාශ වූ ගොරහැඩි අතීතයකි.

දිගු කලක් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ මෙම චෝදනා, වගවීම මග හැරීමට තම ධනය සහ බලය අනිසි ලෙස පාවිච්චි කළ මිනිසෙකු ලෙස මොහුව කෙටියෙන් හඳුන්වා දිය හැක.

මොහොමඩ් අල්-ෆයීඩ් ගැන කෙටි හැඳින්වීමක්!

Mohamed Abdel Moneim Al-Fayed යනු එක්සත් රාජධානියේ පදිංචිව සිටි ඊජිප්තු ව්‍යාපාරිකයෙක් වන අතර 1960 ගණන්වල මැද භාගයේ සිට ඔහු තම ව්‍යාපාරික ලෝකයෙහි ඇරඹුම සටහන් කර සිටි අයෙකි. ඔහුගේ ව්‍යාපාරවලට Hôtel Ritz Paris, Harrods දෙපාර්තමේන්තු ගබඩාව සහ Fulham පාපන්දු සමාජයේ හිමිකාරිත්වය ඇතුළත් විය.

අල්-ෆයීඩ් 1954 සිට 1956 දක්වා Samira Khashoggi සමඟ විවාහව සිටි අතර, ඔවුන්ට 1997 දී පැරිසියේදී ඔවුන්ගේ ඛේදජනක මෝටර් රථ අනතුර සිදුවන අවස්ථාවේ වේල්සයේ කුමරිය වන ඩයනා කුමරිය සමඟ ප්‍රේම සම්බන්ධයක සිටි බව කියන ඩොඩි නම් පුතෙකු විය. එකල මෙය බ්‍රිතාන්‍යයම කැලඹූ පුවතක් ද විය.

Al-Fayed with wife | Photo: The Sunday Times

අල්-ෆයීඩ් 2023 අගෝස්තු 30 වන දින වයස අවුරුදු 94 පසු කරමින් සිටියදී ලන්ඩනයේදී මිය ගියේය. කෙසේ වෙතත්, ඔහු එතැන් සිට ලිංගික අතවර සහ පහරදීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය නිරීක්ෂණ සහ විමර්ශනවල කේන්ද්‍රස්ථානයක් බවට පත්ව සිටි බව කිව යුතුය.

2024 වන විට, ඔහුට මරණින් පසු ස්ත්‍රී දූෂණ චෝදනා කිහිපයකට මුහුණ දීමට සිදු වූ අතර, එම වසරේ සැප්තැම්බර් මාසය වන විට කාන්තාවන් 200 කට අධික සංඛ්‍යාවකගෙන් ඔහු කළ නොමනා ක්‍රියාකලාපයන් වාර්තා වෙමින් ඔහුගේ නම නැවතත් කරළියට ආහ.

ඩයනා කුමරිය සමඟ ඔහුට තිබූ ඇයිහොඳැයිය!

එවකට අල්-ෆයිඩ් සහ ඩයනා කුමරිය අතර අද්විතීය මිත්‍රත්වයක් ගොඩනැඟී තිබිණි. ඔවුන්ගේ බැඳීම 1980 ගණන්වල ආරම්භ වූ අතර, ඩයනා කුමරිය කැපවී සිටි පුණ්‍ය කටයුතුවල හවුල් රුචිකත්වයන් වටා මෙම මිත්‍රත්වය ගොඩ නැඟී තිබේ.

අල්-ෆයිඩ් ඩයනා කුමරියට රාජකීය සීමාවන්ගෙන් නිදහස් වීමේ හැඟීමක් ලබා දුන් අතර ඩයනාගේ ජීවිතයේ කැලඹිලි සහිත කාල පරිච්ඡේදයන් තුළ ඔවුන්ගේ සම්බන්ධතාවය ගැඹුරු පිටුවක් පෙරළීය.

කෙසේ වෙතත්, ඔවුන්ගේ මිත්‍රත්වය ද මාධ්‍ය විසින් පරීක්ෂාවට ලක් කරමින් 1997 දී ඩයනා කුමරියගේ ඛේදජනක මරණත් සමඟ අල්-ෆයිඩ් බ්‍රිතාන්‍ය ස්වෛරීත්වය සම්බන්ධ කුමන්ත්‍රණයකට ද ඈඳා ගෙන තිබිණි.

එකළ එල්ල වූ චෝදනාවල ස්වභාවයන්!

ඔහු රැකියා ස්ථානයේ දී සිදු කළ හිරිහැර කිරීම් සහ අපයෝජනයන් පිළිබඳ අත්දැකීම් විස්තර කරමින් බොහෝ කාන්තාවන් චෝදනා නඟන්නට විය. වන Harrods සහ Ritz Paris ඇතුළු ඔහුගේ විවිධ ව්‍යාපාරික ස්ථාන තුළ ඔහුගේ බලතල සූරාකෑම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.

ඔහුගේ මෙම ජඩ වැඩ 1995 තරම් ඈත අතීතයකට දිවෙන අතර නව යොවුන් වියේ දරුවෙකුට එල්ල වූ බව කියන ලිංගික අතවරයක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ද ආරම්භ කරන ලදී, නමුත් එය බොහෝ විට ප්‍රබල පුද්ගලයින් ආරක්ෂා කරන පද්ධතිමය අසාර්ථකත්වය පිළිබඳ උදාහරණයක් ලබා දෙන සිදුවීමකි. එපමණක් නොව බලය නිසා ඔහු ගොඩින් බේරාගත් ලිංගික අතවර සිද්ධීන් ඉසේ කෙස් ගානට වාර්තා විය.

අල්-ෆයිඩ්ගේ නාමය චෝදනාවලින් නිදහස් කරනුයේ ඇයි?

ආසන්නතම සිදුවීම සමඟ අල්-ෆයීඩ් ගේ නම කරළියට ආවේ මෙට්‍රොපොලිටන් පොලිසිය මෙම චෝදනා හැසිරවීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයක ක්‍රියාවලිය නිසාවෙනි. නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාව පිළිබඳ සැලකිය යුතු ප්‍රශ්න මතු කරමින් සහ ලිංගික හිංසනයට ගොදුරු වූවන් ආරක්ෂා කිරීමට එහි කැපවීම පෙන්වා දෙමින් මෙට්‍රොපොලිටන් පොලීසිය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබීම නීතිය හෑල්ලුවට ගත් අවස්තාවකි.

අල්-ෆයීඩ් ගේ මෙම සිද්ධිය, වින්දිතයන් නිහඬ කිරීමට සහ විලෝපිකයන් සක්‍රීය කිරීමට ධනය සහ බලය භාවිතා කිරීමේ කඳිම නිදසුනකි. හැරඩ්ස්, ෆුල්හැම් පාපන්දු සමාජය සහ අල්-ෆයිඩ් හා සම්බන්ධ අනෙකුත් ව්‍යාපාර තුළ ඇති සංස්කෘතිය, පුද්ගලයන්ගේ යහපැවැත්මට වඩා ආයතනයේ කීර්තියට ප්‍රමුඛත්වය දෙන “පීතෘමූලික ආකල්පයක්” ලෙස විචාරකයින් පෙන්වා දෙයි.

මිනිසා මිය ගොස් ඇත, නමුත් වින්දිතයින්ට යුක්තිය කෝ?!

අල්-ෆයීඩ් පිළිබඳ මෙවැනි හෙළිදරව් කිරීම් මහජන කෝපයට පමණක් නොව, විශේෂයෙන් ඉහළ පෙළේ පුද්ගලයන් සම්බන්ධ වන ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් සමාජය කටයුතු කරන ආකාරය පිළිබඳ හරිහමන් තක්සේරුවක් ද ඇති කළ යුතු ප්‍රශ්නයකි. එවැනි අපචාර සිදු වීමට හේතු වී ඇති නිහඬ සංස්කෘතියට පිටු පා ඒ වෙනුවෙන් හඬ නැඟීම කළ යුතුමය.

සේවකයින් සඳහා විධිමත් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විෂමාචාර වාර්තා කිරීම සඳහා පැහැදිලි මාර්ග ඇති බව සහතික කිරීම සහ ඒවායින් බැට කෑ අයවලුන්ගේ ඉදිරි ආරක්ෂාව සැපයීම ආදී දෑ සේවා අංශය තුළ ද ක්‍රියාත්මක වුවහොත් මෙවැනි ධනපති ලොක්කන්ගේ කුක්කන් ලෙස මිනිසුන් හන්වඩු නොඟැසෙනු ඇත.

අල්-ෆයීඩ් ගේ නොමනා ක්‍රියාවන්ට ගොදුරු වූවන්ට නිසි යුක්තිය සහ පිළිගැනීම ලැබිය යුතුමය. එපමණක් නොව ඉදිරියේදී එන්නට නියමිත අල්-ෆයීඩ්ලා වැන්නවුන්ට ඔවුන්ගේ ඕනෑ එපාකම් සපුරා ගැනීමට අහිංසක පඩියට වැඩ කරන ගැහැණිය බිලි වෙන සම්ප්‍රදාය අපි අතික්‍රමණය කළ යුතුමය. සුවඳැති ලොවක් බිහි කිරීමට පළමුව ආරක්ෂාකාරී ලොවක් තනන්නට අපි සැරසෙමු!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan