සුදු පන්දුව අලුත් වෙයිද?

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 06,(LNW) කොළඹ :

නවසීලන්තයට එරෙහිව පැවත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලියට කණ්ඩායම තේරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් සිඳු කිරිම ගැන අවධානය යොමු වී තිබෙන බව වාර්තා වෙනවා.සුදු පන්දුවෙන් කෙරෙන මෙම තරග සඳහා නවසීලන්තය ද වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සඟවා තිබෙන බව පෙනෙන්නට ඇති නිසා මේ ගැන අවධානය යොමු කර නැති අතර,පැමිණෙන නවසීලන්ත කණ්ඩායම අවතක්සේරු කරන්නට ද ශ්‍රී ලංකාව කිසිසේත්ම සූදානම් බවක් පෙනෙන්නට නැහැ.


එහෙත් ලෝක ටෙස්ට් සූරතාවය සඳහා ශ්‍රී ලංකාව යම් ආකාරයකින් බලපෑමක් ඇති කිරිමට සූදානම් තත්ත්වයක සිටිම නිසා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ටෙස්ට් තරග සඳහා අවධානයෙන් රඳවා ගැනීමේ වැදගත්කම ගැන සාකච්ඡාවට බඳුන් වෙන බව වාර්තා වෙනවා.යම් වෙනසක් සිඳු කිරීමට ප්‍රථමයෙන් බොහෝ විට තේරීම් කමිටුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික පුහුණුකරු සහ කණ්ඩායම් නායකයන් ද සමඟත්,ඇතැම් විට ජ්‍යේෂඨ සාමාජිකයන් සමඟත් සාකච්ඡා කිරීමට ද ඉඩ තිබෙන බව දැක ගන්නට තිබෙනවා.


මේ ආකාරයට වෙනස්කම් සිඳු කරන්නේනම් වැඩි අවධානයක් මෑතකදී ආසියානු නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ අනු සූරතාවය දිනූ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ලහිරු උදාර,සහන් ආරච්චිගේ සහ ඒෂාන් මාලිංග වැනි ක්‍රීඩකයින්ට විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කරනවා.ලහිරු කඩුලු රැකීමෙන් මෙන්ම පිත්තෙන් ද,සහන් ආරච්චිගේ පිතිකරණය මූලික කරගෙක තුන් ඉරියව්වෙන් ද,ඒෂාන් මාලිංග පිතිකරුවන්ගේ ප්‍රහාරය අඩ පණ කරමින් උපක්‍රමශිලීව සිය වේග පන්දුව හසුරුවන ලද ආකාරයෙන් ද ජාතික කණ්ඩායමට ඇතුළත් වීම සඳහා පෙරමුණ ගෙන තිබෙන බව දැක ගන්නට ලැබෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...