වෛද්‍ය සමන් වීරසිංහට රුසියානු ජනපති විසින් ‘මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය’ පිරිනමයි

Date:

රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ වෙත ‘මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය – Russia’s Prestigious Order of Friendship) ඊයේ (නොවැම්බර් 04) දින පිරිනමනු ලැබීය.

එය රුසියාව සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව නාමයක් වන අතර, දශක ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමින් මෙම ගෞරව නාමය පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාවේ ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික පැවැත්ම සඳහා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2025 දී මෙම සම්මානය ලැබූ එකම ආසියානු ජාතිකයා වෛද්‍ය සමන් වීරසිංහ ය.

මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකු වන වෛද්‍ය වීරසිංහ, රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ලෙස (2015 – 2018) සේවය කළ අතර දැනට ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහලේකම් සහ කොළඹ රුසියානු භූගෝලීය සංගමයේ සභාපති යන තනතුරු දරයි.

ඔහුගේ නායකත්වය, දෙරට අතර සංස්කෘතික හුවමාරුව, සහයෝගීතාවය සහ කල් පවත්නා අන්‍යෝන්‍ය මිත්‍රත්වය වර්ධනය කිරීම සදහා මහෝපකාරී වී ඇත.

Theleader

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...

පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් 66 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අධික වර්ෂාව...

තායිවානයේ පදිංචි ශ්‍රීලාංකික පිරිසකගේ එකමුතුවකින් කිරිගවයින් නිදහස් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : කැබිතිගොල්ලෑව හඳගල පුරාණගල්ලෙන්...