ණය ප්‍රතිව්‍යුහගතකරණය : චීනය හා ඉන්දියාව සමග සාකච්ඡා කිරීමට ජනපතිගෙන් කමිටුවක්

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකු නියෝජිතයන් කර ඇති දැනුම්දීමට අනුව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට අට පුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කර ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියෝජිතයන් ඉකුත් සතියේදි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති සමඟ සාකච්ඡා කොට කඩිනමින් පියවරක් ගන්නා ලෙස අයි.එම්.එෆ් හා ලෝක බැංකු නියෝජිතයන් සාගල රත්නායක මහතා හමුවේ කළ දැනුම්දීමට අනුව මෙම කමිටුව පත් කර ඇත.

මෙම කමිටුව විදේශ ඇමති අලි සබ්‍රී, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක , ජනාධිපති උපදේශක ආචාර්ය අර්.එච්.එස් සමරතුංග, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, හිටපු මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.

මෙම කමිටුව මැදිහත්වී ඉන්දියාව හා චීනය සාකච්ඡාවන්ට යොමු කර ගනිමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව යම් සාධනීය තැනකට කැදවා ගැනීමට අදාළව සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...