ඩස්පින්- අමුඩෙ තියෙන අපේ කම පෙන්නුව හැටි

Date:

මේ හීතල කාලෙ හැමදාම වගෙ පේන හීන අස්සෙ ඉන්නෙම ක්‍රීඩා ඇමති.ගන්න දෙයක් නැති ඒවාම පේන අතරෙ මේක මරු කියලා දැණුන එකක්.
අයිසීසී කියන්නෙ මොකක් හරි ග්‍රහ ලෝකයක් කියලා හිතාගෙන ඉන්න මනුස්සය එයාගෙ අර්ජුන අයියව ක්‍රිකට් රජා කරන්න කෙළින්ම යන්නෙ නැතුව ඩීල්දාස මහත්තයගෙ පුතාට එන්න කියලා භාර දෙන්න හිතුවා.

මලයා හැබැයි මගෙ හතුරා විනාශ කළ වගෙ මට කරන්න බැහැ.
ඇමති පුලතිසි මතකය අලුත් කරමින් සිරාට මේ පුතාගෙන් වෙච්චි මොලෝ හසරක් නැති කෙලවීම් මතක් වෙලා කිව්වා.
හැන්ඩ්සම් කොල්ලා අනේ මොනවා වුණත්,එයාව ගන්න
එහා පැත්තෙන් ආපු කෝල් එකෙන් කිව්වා.
ඇමති කට නෙට්බෝලයක් වගෙ රවුම් කරලා පෝන් එකට උම්මා එකක් දුන්නා.
ලකී කෝල් එකක්
ඩීල් පුතාට ලොකු සංතෝශයක් ආවා.
අපි ලෝකයට කතා කරන්න ඕනි මල්ලි.නීත්‍යානුකූලව මේ අය වැරදියි කියලා කියන්න ඕනි
අපි ඩීල් එකක් ගහපු අයියෙ
ලේවලටම කලවම් වෙලා තියෙන ඩීල්මය හදගැස්ම පාලනය කරගන්න පොඩි ඩීල්ට බැරි වුණා.
ඒවා අපි ගහගන්නම්.උඹටත් සළකන්නම්.උඹට තියෙන්නෙ කඹේ අපිට දීලා ඉන්න.යන දුර අපි තීරණය කරන්නම්.

එහෙම කියපු ඇමති ලෝකය ඉස්සරහා කතා කරන්න විදිහක් හදපං කියලා ඩීල් පුතාට උපදෙස් දීලා ඇඳුම මාරු කරගන්න ඇතුළට ගියා.ඇමති කතා කරන්න ඕනි පසුබිම ගැන කල්පනා කළා.වැඩියම හොද අර්ජුන අයියගෙ විදිහ.ජාතික ඇදුම.මොන දේ කරත් ක්‍රිකට් සරම නිසා ශ්‍රී ලාංකික වුණා කියලා හිතන මිනිස්සු අදත් ඉන්නවා.ජාතික ඇඳුම මදින ගමන් කල්පනා කරා.හදිසියෙ රුවුලත් වවාගන්න පුළුවන්කම තිබුණනම් තවත් හොදයි කියලා හිතුණා.

මොනව වුණත් ගොවිකමත් මාර්කට්.
හදිසියෙ කාලෙකින් අදින රෙද්ද කැඩුණොත් කියලා හිතලා රජරට අනන්‍යතාවය කියලා රට්ටුන්ට පේන්න අමුඩයකුත් ගහගෙන යන්න ඕන කියලා හිතමින් ඇඳුම මැද්දා.කතා කරන්න ඕනි ටික කල්පනා කරන කොට හැඟීම් බර විදිහට රටේ ක්‍රිකට් ගැන හිතලා පොඩ්ඩක් අඩන්න ඕනි.ඒ එක්කම මට පුළුවන් රජරට අනන්‍යතාවය විදිහට අමුඩෙ පේන්න සරම උස්සලා කඳුළු පිහදාන්න.ඒකෙන් ඉතිං පුලතිස්පරුවරයම ආයෙ අන්දන්න පුළුවන්.
ඇමති ලස්සනට ප්ලැන් කරා.

වැඩේ ඇදගෙන එළියට එනකොට ඩීල් පුතා ලියුම් දෙකක් හදලා.එකක් මීඩියාවලට.අනික අයිසිසී රටවල්වලට.අයිසීසි එක බලන්නෙත් නැහැ කියලා අයිසිසි එකටත් දොස් කියලා ඒ රටවල්වල අනුකම්පාව ගන්න සහ තමන්ගේ කැපවීමේ ක්‍රිකට්මය හැඟීම ගැන හිතලා මේක බලලා ඒ අය හඬන හැටි ගැන ඇමතිට හිතන කොටත් කඳුළු ආවා.
ඉන්දියාවෙ එකාට අර්ජුන අයියා බැන්නෙ කොයිතරම් ජාතික හැඟීමකින්ද අපි ද්‍රෝහි වෙන්න හොඳ නැහැ කියලා හිතලා ඉන්දියාවෙ ලේකම්ට කඳුළු ඇවිත් කණ්නාඩි දාලා කියලා අමතක වෙලා කණ්නාඩිය පිටින් කඳුළු පිහදාන්න ගිහිං කණ්නාඩිය කැඩෙන හැටි පවා ඇමතිට හිතුණා.

ඒ හැගීමෙන් තමයි ප්‍රේමදාසේ පිට්ටනියෙ කොල්ලන්ට සල්ලි දීලා මැච් එක ගත්තෙ කියලා කිව්ව බව ඉන්දියාවෙ ලේකමාට හිතෙන කොට පුදුම විදිහට දේශප්‍රේමි අදහස් තියෙන ඉන්දියානුවා ඒක දේශප්‍රේමි විදිහට ගනියි කියලා හිතන බව ඇමති තහවුරු කර ගත්තා.
ඒක ගොන් කතාවක් කියලා තමන්ට මුලින් හිතුණත් වැඩිපුරම තර්කයක් නැති ගොන් කතා මාර දේශප්‍රේමි කතා හැටියට භාර ගන්න සමාජය ගැන හිතුවම ලංකාව මොකද ඉන්දියාව මොකද දෙකම දකුණු ආසියාතිකයි කියලා ජාත්‍යන්තර දැණුමෙන් ද ඒ සිතුවිල්ල සාධාරණය කර ගත්තා.

අමාත්‍යංශෙ මාගෙ කාමරේ ඉදන්ම මේ වීඩියො එක කරමු මල්ලි.ජාතික කොඩි තුන හතරක් මගෙ වටේ තියමු.මං කතා කරන ගමන් දෙපාරක් විතර හැඟීම් බරව කොඩිය සිප ගන්නම්.දණ ගහලා වදින්නම්.
අමුඩෙ පෙන්නන වැඩේ හංගලා ඉතුරු ටික කිව්වම දණ ගැහැව්වම කැමරා එකට පේන්නෙ නැහැ කියලා ඩීල් පුතා කිව්වා.ඉඹින එකෙන් විතරක් දේශප්‍රේමි වෙන එකඟතාවය හදාගත්තා.
පුදුම ප්‍රායෝගික බුද්ධියක්.මූ වැඩේ නියමෙට ගොඩදායි කියලා හිතලා ඇමති උම්මා විසි හතරක්ම දුන්නා.
තාත්තට කියලා ඇවන් ගාඩ් එකෙන්වත් අරං එන්න ඕනි මූ ඉඹින එකෙන් ආරක්ෂා වෙන්න කියලා ඩීල් පුතාට ඉඹිල්ල වැඩි වෙන්න වැඩි වෙන්න හිතුණා.දෙන්න යන ගමන් පොඩ්ඩක් හිටපං මල්ලි මං ලකී ගමණක් ගිහිං එන්නම් කියලා මගදි එපාර්ට්මන්ට් එකකට දුවලා ගිහිං ආවා.

දැන් වැඩේ නැගලා යනවා.කැමරා වැඩ.ලයිට් පත්තු වෙලා.මයික් සීයයි කැමරා දහයයි.චැනල් විස්සකට විතර වැඩ කරන කැමරාත් මෙතන තියෙනවා කියලා කැමරා අඩු එකට හේතුව ඩීල් පුතා පැහැදිළි කරලා දුන්නා.
වැඩේ පටන් ගත්තා.අඬන තැන ආවා.අමුඩෙ පේන්න සරම උස්ස ගත්තා.මූණ වහගත්තා.වහ ගත්තට පස්සෙ තමයි මතක් වුණේ අමුඩෙ අර ගිය එපාර්ට්ට්මන්ට් එකේ දාලා ආවා කියලා.
ඒ වෙනකොට හැබැයි අර ජාත්‍යන්තර ලියුම යවපු ඊමේල් ඔක්කොම ඇරලා බලලා තිබුණෙ.ඒ නිසා ඉතිං ආයෙ රෙදි ගලවගන්න දෙයක් ජාත්‍යන්තරයෙනම් ඉතුරු වෙලා තිබුණෙ නැහැ.රෙදි නැහැ කියලා ඉතිං පේනකම්ම නොදැනෙන දේශිය අයට ඒ වීඩියෝ කරණය ඉතිං වැදගත් වෙයි.
හින වුණත් මාර දේවල් නේද වෙන්නෙ.


ද ක්ලීනර්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...