ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ගැන ඇමති ICC සාමාජික රටවල් දැනුවත් කරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.

අමාත්‍යවරයා මෙලෙස කටයුතු කර ඇත්තේ, ස්වාධීන ආයතනයක් වූ ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විශේෂ විගණන වාර්තාව අධ්‍යනය කර ඒ සම්බන්ධව පියවර ගැනීමට සූදානම් වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙය දේශපාලන අත පෙවීමක් ලෙස වැරදි ආකාරයට හුවා දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නොමග යැවීමට කටයුතු කර ඇති අතර ජාත්‍යන්තර කවුන්සිලය සමග ගණුදෙනු කිරීම බොහෝ ක්‍රීඩා සංගම් හා සම්මේලන වලක්වාලන පසුබිමක ඔවුන් වෙත සෘජුවම ජාතික සංගම්හි වර්තමාන තත්ත්වයන් දැනුම් දීම අරමුණු කරගෙනය.

අප රට සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවල් 12 කි.එම රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය,ඕස්ට්‍රේලියාව,බංගලාදේශය,එංගලන්තය
ඉන්දියාව,අයර්ලන්තය,නවසීලන්තය,පාකිස්තානය,දකුණු අප්‍රිකාව,බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ ය.

ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විශේෂ විගණන වාර්තාවේ නිර්දේශයන් මත පමණක් ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර ඇති බව දන්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලබා ඇති රටවල් වෙත දැනුවත් කිරීම සිදුකර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට යළිත් හූති ප්‍රහාරයක්! එක් අයෙකු මරුට, 11කට තුවාල(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12 : යේමනයේ...

හොරකම, නාස්තිය, දූෂණය, වංචාව 100%ක් නැතිකරන්න අපිට බැහැ – ඇමති නාමල්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ හොරකම, නාස්තිය, දූෂණය සහ...

ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 12) දිනයේදී දිවයිනේ බොහෝ...

ගජමන් නෝනා අන්දරේ බලන්ට යයි

නෝනාගම හංදියේ හිටගෙන ඉන්නා නෝනාට මහ රෑ මැදියම වේරගම්පිටින්...