බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ආරක්‍ෂක ලේකම් හමුවෙයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ (LNW):

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ඊයේ ( 05) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ
පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී ඇත .

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ආරක්‍ෂක ලේකම්වරයා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශවයේ
නිලධාරීන් සුහද සාකච්ඡාවක ද නිරත වූ බව සඳහන් වේ.

එහිදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳ සාකච්ඡා කර ඇත.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩැරන් වුඩ්ස් ද සහභාගි වී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ...

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...