වෙළෙඳ අමාත්‍යාංශයෙන් සහල් හා වී තොග පිළිබඳ වාර්තාවක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ (LNW):

අද (06) දින මෙරට පවතින සහල් හා වී තොග පිළිබඳ වාර්තාව ජනාධිපතිවරයාට භාරදෙන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසා ඇත .

දිස්ත්‍රික්ක 17ක සහල් හා වී තොග පිළිබඳ එම වර්තාවට දත්ත ඇතුළත් බව , එහි ලේකම් එම්. එම්. නයිමුදීන් මහතා සඳහන් කළේය.

පාරිභෝගික කටයුතු අධිකාරීයේ නිලධාරීන් පසුගිය දිනවල එම දිස්ත්‍රික්කවල මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ වී මෝල් හිමියන් සතු වී හා සහල් තොග පිළිබඳ සමීක්ෂණය කර ඇති අතර , එම වාර්තාවේ සඳහන් කරුණු සලකා බලා ජනාධිපතිවරයා විසින් ඉදිරි පියවර ගනු ඇති බව, අමාත්‍යාංශය පැවසුවේය.

තවද, වෙළෙඳපොළේ නාඩු සහල් මිල ගණන් තවදුරටත් පාලන මිල ඉක්මවා අලෙවි කරන අතර, ඇතැම් වෙළෙඳ සැල්වල නාඩු සහල් හිඟයක් ද පවතින බව ජනතාව කියා සිටී.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...

කාලගුණයේ යළිත් වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 28) දිනයේදී දිවයිනේ බොහෝ...