කොළඹ LNW: අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර එහි සේවය කළ වෛද්‍ය නිලධාරීින් සහ සේවක පිරිස,සෞඛ්‍ය උපකරණ, ඖෂධ සහ ගිලන් රථ දෙක යළි සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීමට කටයුතු කර තිබේ.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුවූ අතර ඒ අනුව එම ඒකකය යළි සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මහජන සේවයට එක්කිරීමට පියවර ගෙන ඇත.
අනවශ්‍ය වියදම් අවම කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුවයි උක්ත තීරණයට එළඹ ඇත්තේ.
ආශිකා බ්‍රාහ්මණ