අල්ලස් ගන්න ගිය රේගු නිලධාරීන්ට වැඩ වැරදුණු හැටි – වසර 35කට සිරගෙට!

Date:

කොළඹ LNW: අල්ලස් ගත් රේගු නිළධාරීන් සිව් දෙනෙකු බරපතල වැඩ ඇතිව වසර තිස් පහක සිරදඩුවමකට යටත් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

එමෙන්ම එක් එක් විත්තිකරුවෙකුට රුපියල් මිලියන 125 බැගින් දඩ මුදලක් ද නියම කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියෝග කර ඇත.

2015 වසරේදී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහා අවශ්‍ය අමතර කොටස් ගෙන්වන සමාගමකින් රුපියල් මිලියන 125 ක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටිය දී එම නිලධාරීන් සිව් දෙනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම රේගු නිළධාරීන් ඔවුන් ආනයනය කළ අමතර කොටස් මුදා හැරීම සදහා රුපියල් මිලියන 1500 ක බදු මුදලක් ගෙවිය යුතු යැයි අදාළ සමාගමට දැනුම් දී තිබෙන අතර එවැනි ගෙවීමක් සිදු කිරීමට ඔවුන් බැදී නැති බව සමාගමේ නියෝජිතයන් ප්‍රකාශ කිරීමෙන් පසු, අමතර කොටස් තොගය මුදා හැරීම සදහා මිලියන 150 ක අල්ලසක් එම රේගු නිළධාරීන් විසින් ඉල්ලා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...