සජිත්ගෙන් ට්‍රම්ප්ට සුභ පැතුම්!

Date:

කොළඹ LNW: ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සුභ පැතුම් එක්කර තිබේ.

ඔහුගේ ධූර කාලය තුළ ලොව පුරා සිටින ප්‍රජාවන් සමඟ සාමය, හොඳ හිත සහ අර්ථවත් සහයෝගීතාවයන් සටහන් වනු ඇති බවයි ප්‍රේමදාස මහතා සිය පණිවිඩය මඟින් සඳහන් කරන්නේ.

එමෙන්ම ඉදිරි මාවතට මඟ පෙන්වීමට ප්‍රඥාව සහ ශක්තිය ප්‍රාර්ථනා කරන බවද එහිදී ප්‍රේමදාස මහතා තවදුරටත් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 266ක් දිනා ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ උප ජනාධිපතිනී කමලා හැරිස් දිනා ඇත්තේ ආසන 219කි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය විදේශිකයින්ට යළි වීසා පහසුකම් ලබාදෙයි!

කොළඹ LNW:ඉන්දියානු නේපාල සොනාලි දේශ සීමාව ඔස්සේ ගමන් කරන...

නදීශාට හොඳ අවස්ථාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...

අපහසු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව කෙතරම් ශක්තිමත්...